යාපනයට ආපු අමුතු සිංහල නම්
උතුරු පළාත් සභාවෙන් ගෙන ඇති තීරණයකට අනුව යාපනයේ ගම්මාන ඇතුළු ප්‍රදේශ නම් කිරීම සඳහා යොදා ඇති නාම පුවරු වෙනස් කිරීම හේතුවෙන් එම නාම පුවරුවල සිංහල අරුත් සම්පූරණයෙන්ම විකෘති කොට ඇති බව යාපනයේ ජනතා පවසති.
උතුරේ ග්‍රාම නාම හා ස්ථානීය නාමයන් යෙදීමේදී මුලින්ම දෙමළ භාෂාවෙන් ඒවා නම් කිරීමත් අර්ථ පරිවර්ථනය කොට ගම්වල නම් සඳහන් නොකරණ ලෙසත් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් උතුරේ පළාත් පාලන නිලධාරීන් සදහා වූ රැස්වීමකදී පසුගියදා ප්‍රකාශ කොට තිබුණි.
විදේශිකයින් විශාල පිරිසක් පැමිණෙන බැවින් නාම පුවරුවල පළමුව දෙමළ භාෂාවද දෙවනුව සිංහලද අවසානයට ඉංග්‍රීසි භාෂාවෙන්ද සඳහන් කළ යුතු බව ප්‍රධාන අමාත්‍යවරයා නිලධාරීන් දැනුවත් කොට ඇත.
එම ප්රකාශයන්ට අනුව මේ දිනවල උතුරේ බොහෝ ස්ථාන වල නාම වෙනස් කොට නව පුවරු සැකසීමේ කටයුතු මේ දිනවල පටන්ගෙන තිබේ.
නමුත් එම නාම පුවරු සකස් කිරීමේ කටයුතු දෙමළ නිලධාරීන් සිදු කරන හෙයින් දෙමළ නිලධාරීන් නාම පුවරුවල සිංහල තේරුම පිළිබඳව දැනීමක් නොමැතිවීමෙන් මෙම ගැටලුකාරී තත්වයන් උද්ගතව ඇත.
එමෙන්ම යාපනයේ සිටින සිංහල ජනතාව කියා සිටින්නේ නම යෙදීම කුමන පිළිවෙලකට සිදු කළත් ඒවායෙහි සිංහල යෙදීමේදී නිවැරදිව සිංහල යෙදීමට දන්නා අයෙකුගේ හෝ සහය ලබා ගත යුතුව ඇති බවයි.





popular news
-
sathyapala Tuesday, 16 October 2018 02:00 PM
රටක ජාතියක සංස්කෘතියක මළගමේ අවසාන මොහොතට පැමිණ ඇත. මේ ගසන්නේ ඒ රටේ ජාතියේ සංස්කෘතියේ අවසන් කටයුත්තට පෙර පෙට්ටියට පියන තබා ගහන්නට යන ඇණ කිහිපයයි. රටක් ජාතියක් සංස්කෘතියක් අවසන් ගමන් යවන්නට කටයුතු කල බටහිර තානාපති රැලත් , තම දුවට පුතාට බටහිර රටක නොමිලේ උසස් අධ්‍යාපනය සදහා තානාපති කාර්යාලයෙන් ලැබෙන උදවුවත් එදිනෙදා වියදමට ලැබෙන ඩොලර් වෙනුවෙනුත් රට මෙතනට ගෙනා NGO නඩයත්, රටේ මිනිසුන්ගේ රීරි උරා බොන තිරිසන් දෙස්පාලුවනුත් රට සෙමින් සෙමින් මෙතනට ගෙනා අයුරු හිතන්නටවත් බැරි තරම් පිළිකුල් සහගතය. අමන දේශපාලුවන් බටහිර රටවල් විසින් රැවටීමට ලක් කර රට ආර්ථික කඩා වැටීමකට ලක් කලේ මේ අරමුණින් බව ඔවුන් නොදනී. දැන් ආර්ථිකව අන්ත අඝාදයකට වැටෙන්නට යන බව පෙනෙන විට සලිතව සිටින දේශපාලුවන්ට යම් ඩොලර් ණයක් ගන්නටනම් අහවල් දේ අහවලුන්ට ලබාදිය යුතුය කියමින් ඔවුන් බිත්තියටම හේත්තු කරමින් සිටී. සැඩ පහරට හසුව ගහගෙන යන එකා තණකොළ ගහක එල්ලී හෝ පණ රැක ගන්නට යනවා සේ බටහිර උපදෙස් ඕනෑම දෙයකට අවනතව රට ජාතිය සංස්කෘතිය මලගම් යවන්නට කටයුතු කරන්නට ඉඩ දුන් අපිද සැබෑ නිවටයන්මය. දැන් ඉතිරිව ඇත්තේ හඩා වැලපී පිනි දියර ටිකක් ඉස හඩා ව
Reply : 1 247
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

