යාපනය පේදුරුතුඩුව ප්රාදේශීය සභා මන්ත්රීවරයෙකුට ඊයේ (26) දින පලෙයි කට්ටෙයිකාඩු ප්රදේශයේදි කිසියම් පිරිසක් විසින් තියුණු ආයුධ වලින් පහරදීම හේතුවෙන් ප්රාදේශීය සභා මන්ත්රීවරයා කැපුම් තුවාල සහිතව රෝහල්ගත කල බවට පලෙයි පොලීසිය පවසයි.
පේදුරුතුඩුව ඊ.පී.ඩී.පී. ප්රාදේශීය සභා මන්ත්රී සෙබමාලෙයි සෙබස්තියන් මහතා පලෙයි කට්ටෙයිකාඩු ප්රදේශයේ ගමන්කරන අවස්ථාවේදී නාදුනන පිරිසක් විසින් තියුණු ආයුධවලින් පහරදී පළාගොස් ඇති අතර එහිදි කැපුම් තුවාල ලැබූ ප්රාදේශීය සභා මන්ත්රීවරයා කිලිනොච්චිය මහාරෝහලට ඇතුලත් කොට ඇත.
අදාළ පහර දීම සිදුකල පිරිස් කවුරුන්දැයි යන්න මෙතෙක් අනාවරනය වි නොමැති අතර පෞද්ගලික හේතුවක් මත සිදු කල පහරදීමක් බවට සැක පළ කරන බවටත් අදාළ පිරිස් සොයා පරික්ෂණයක් ආරම්භ කොට ඇති බවටද පලෙයි පොලීසිය වැඩිදුරටත් පැවසීය.
