යාන්ත්‍රික දම්වැල් කියත් ආනයනය තහනම් කරයි
වන විනාශය වැළැක්වීමේ අරමුණින් යාන්ත්‍රික දම්වැල් කියත් ආනයනය තහනම් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ. වන ගහණය 2030 දී 32%ක් දක්වා වැඩි කිරිමට අදාළව ක්‍රියාත්මක වන වැඩසටහන්වලට අදාළව මෙම තීරණය ගෙන තිබේ.
අනවසර දැව හෙළීම් වනාන්තර විනාශ වීම සඳහා ප්‍රධාන සාධකයක් බවට හඳුනාගෙන ඇති තර මෙම වන විනාශය සඳහා යාන්ත්‍රික දම්වැල් කියත් විශාල වශයෙන් භාවිත කරන බවත් හඳුනාගෙන තිබේ.
ශ්‍රී ලංකාවේ මේ වන විට යාන්ත්‍රික දම්වැල් කියත් 82000කට වැඩි ප්‍රමාණයක් ලියාපදිංචි කර ඇති බැවැනි වන විනාශය වැළැක්වීමේ හා වනගහණය ඉහළ නැංවීමේ අරමුණින් යාන්ත්‍රික කියත් ආනයනය තහනම් කිරීම සඳහා 1969 අංක 1 දරණ ආනයන අපනයන පාලන පනත යටතේ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

popular news
-
Nandana Wednesday, 19 June 2019 12:50 PM
මා සිතන විදියට මේක මෝඩ ක්‍රියාවක් ,මේකට විසදුමක් ලෙස ඒකාබද්ද මෙහෙයුම් (Joint operation ) ගුවන් හමුදාව ,පාබල හමුදාව,STF ,වන දෙපාර්තුමේන්තුව සම්බන්ද කරගෙන ,ලංකාවේ වනාන්තර පරීක්ෂණය කරමින් ,ආරක්ෂා කර ,සියලු වැරදිකරුවන් අල්ලාගෙන ,ඔහුන්ගේ දේපල ප්‍රසිද්ද වෙන්දේසියේ විකුණා එම මුදල් වනවගාව ,වනජීවී සදහා යොදවන්න ,වැරදිකරුවන් සිරගතකොට උන් ලවා වනයේ ගස් හිටුවීම කරන්න .
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

