යාචකයෙක් ලෙස දන්සැල් දෙන අප්පුහාමිත් මෙවර ජනපතිවරණයට එයි
ඉදිරි ජනාධිපතිවරණයට තමනුත් ඉදිරිපත් වෙන බව දන්සැල් දෙන යාචකයෙක් ලෙස ප්රසිද්ධියට පත් යු.ඩබිලිවු.කේ.ඩබිලිවු.අප්පුහාමි මහතා පවසයි.
මාතර නගරයේ යාචකයෙක් ලෙස කටයුතු කරන අප්පුහාමි මහතා සෑම වෙසක් පොහොය දිනකදිම තමන් උපයාගත් මුදලින් දන්සැලක් ලබා දෙන අතර තවත් විවිධ සමාජ සේවා කටයුතුවලද නිරත වුයෙකි.
ජනාධිපතිවරණයට තරඟ කිරිම සම්බන්ධව ඔහු මෙසේ පැවසිය,
“මම මාතර නගරයේ යාචකයෙක් විදියට කටයුතු කරනවා. මම නිදාගන්නේ දෙවුන්දර කඩපිලක. ඉතිරි කරගත් ලක්ෂ 2ක පමණ මුදලක් හිතවත් අයෙකුගේ ගිණුමේ තියෙනවා. ඒ මුදල් භාවිතා කරලා මම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා ස්වාධින අපේක්ෂකයෙක් ලෙස. දැනට මම මැතිවරණ කාර්යාලයට අවස්ථා දෙකක් ගියා මේ සම්බන්ධව කතා කරගන්න. මම ජනාධිපතිවරණයට තරග කරන්න හිතුවේ අද පවතින රටේ තත්ත්වය නිසයි. වෙසක් පොහොය දිනයට මම දන්සැලක් මාතර නගරයේ නොකඩවා පවත්වනවා. මම හිතන්නේ ලංකාවම මාව දැනගත්තේ එකෙන්. මම ජනාධිපතිවරණයේදි පෝස්ටර් කටවුට් මොනවත් පාවිච්චි කරන්නෙ නැහැ. පුවත්පතේ, රූපවාහිනියේ සහ ගුවන්විදුලියේ අපේක්ෂකයන්ට වෙන් කරලා දෙන කාලය මට හොඳටෝම ඇති.
මම ජනාධිපති වුනොත් විධායක ජනාධිපති ක්රමය අහෝසි කරනවා. හිරකාරයෝ වැඩිකල් තියන්නෙ නැහැ. වැඩිම දඬුවම අවුරුද්දයි. අඩුම දඬුවම සතිය. හිරකරුවන් බලන්න යන්න දෙන්නේ ඒවා මුකුත් නැහැ. එල්ලූම්ගස් නැහැ. සෑම සිරකාරයෙක්ටම මඩු වලිගයෙන් පාරක් ගහනවා . අවුරුද්දක් හිටියොත් අවුරුද්ද පුරාම ගහනවා දවසට එක බැගින් . මරණ එක නෙමෙයි කරන්න ඕන වැරදි අවබෝධ වෙන්න විඳවන්න ඕන.
ඒ වගේම ලොතරැයි කොමිස් වැඩිකිරිම , ගුවන් විදුලියේ වෙළඳ සේවයේ පැරණි ගීත සහ හින්දි ගීත සදහා දවසට පැය 6ක් වෙන් කිරිම. රටේ සිදුවෙන අපරාධ කෙටි කලකින් අවසන් කර යහපත් සමාජයක් ඇතිකිරිම . රාජත්රාන්ති්රක විදෙස් ගමන් හෝ වටිනා රථ භාවිතා නොකිරිමට වග බලා ගැනිම වගේ පොරොන්දු පත්රයක් තියෙනවා ජනතාවට දෙන්න. මම හිතනවා ජනතාව මම වගේ කෙනෙක්ටත් අවස්ථාව දෙයි කියලා යැයි අප්පුහාමි මහතා වැඩිදුරටත් පැවසිය .
මාතර - මහේෂ් මලවරආරච්චි

popular news
-
සමීර Wednesday, 31 July 2019 07:20 PM
ස්වාධින අපේක්ෂකයෙක් ලෙස ජනාධිපතිවරනයට ඉදිරිපත් වීමට නම් පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකුව වී සිටිය යුතුය. එහෙම නැත්තම් ජනාධිපති ජන්දයට ඉදිරිපත් විය හැක්කේ පිළිගත් දේශපාලන පක්ෂයකින් පමණයි. ඒකවත් දන්නේ නැතිවද මේ ජනාධිපති වෙන්න හදන්නේ?
Reply : 0 6
Champa Friday, 02 August 2019 08:04 AM
අයියෝ ඕකත් වැඩක්ද? ලංකාවේ දේශපාලන පක්ෂ කොච්චර තියෙනවද> ඔය එකකින් ගිහින් ඉල්ලන එකයි තියෙන්නේ මොකොද වෙන්නේ බලන්න. ජනාධිපති අගැමති ඇමති මන්ත්රී තනතුරු ඔක්කොම දේශපාලකයෝ ඔවුන්ගේ පවුල් ඔවුන්ගේ ගජ මිතුරන් ඔවුන්ගේ නෑදයන් අතරේ විතරක් බෙදා හදාගෙන කන්න හදා ගත්තු නීතියක් මේක. කතා කරන්නේ නම් ප්රජතන්ත්රවදේ ගැන. මෙහෙමයි වැඩ. හැබැයි 19 වෙනි සංශෝධනය ආණ්ඩු පක්ෂේ විපක්ෂේ හිටපු ඔක්කොම චන්දෙ දීල තමයි 2/3න් පාස් කර ගත්තේ. ජනාධිපති එක්කම 225ම එපා කියල මිනිස්සු කියන්නේ නිකමට නෙමෙයි. කොහෙන් ඉල්ලුවත් චන්දෙ දෙන්නේ ජනතාවනේ. මිනිස්සු චන්දෙ දෙන්නේ තමන් කැමති මිනිහට. දේශපාලන පක්ෂ සහ දේශපාලන නායකයෝ ගෙනල්ල දාන ජනාධිපති අපේක්ෂකයාට මේ පාර මිනිස්සු චන්දෙ දෙන්නේ නැහැ. ඕනේ නම් දාල බලන්න. හැබැයි ලංකාවේ ඊළඟ ජනාධිපති එන්නේ පොහොට්ටුවෙන් නෙමෙයි. ඒක නම් ඉර හඳ වගේ විශ්වාසයි.
Reply : 0 0
බණ්ඩාර Wednesday, 31 July 2019 08:38 PM
හිටං ට වැඩියේ හොඳයි වගේ
Reply : 0 0
TNA Thursday, 01 August 2019 04:47 AM
මගේ චන්දය මාමේ ඔබට.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

