යළිත් කිසිඳු දිනක රටේ ත්‍රස්ත ක්‍රියාවකට ඉඩක් නෑ - ජනපති
රටේ ජාතික ආරක්ෂාවට නුසුදුසු සහ අපහාස සිදුවන ප්‍රකාශවලින් වළකින ලෙස තමා සියලූ දෙනාගෙන් ඉල්ලන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බළකා රෙජිමේන්තුව වෙත ජනාධිපති සහ රෙජිමේන්තු වර්ණ ප්රදානය සංකේතවත් කරමින් රණ පරශුව සහ රෙජිමේන්තු පරශුව සම්මාන ප්රදානය කිරීමේ උළෙලට අද (16) පෙරවරුවේ එක් වෙමිනි.
මෙම අවස්ථාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ පටු දේශපාලන න්‍යාය පත්‍ර වෙනුවෙන් මාතෘ භූමියේ සහ ජාතියේ අනාගතයට හානිවන ආකාරයේ ප්‍රකාශ කිසිවෙකු සිදු නොකළ යුතු බවයි.
රටේ ජාතික ආරක්ෂාව, නිදහස සහ ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් ති‍්‍රවිධ හමුදාව ප්රමුඛ ආරක්ෂක අංශ ඉටුකරන මෙහෙවර මෙහි දී අගය කළ ජනාධිපතිතුමා කියාසිටියේ ඒ වෙනුවෙන් සමස්ථ ජාතියම සදා ණයගැති බවයි.
පහත් පෙළේ දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් ඔවුන්ගේ එම අමිල සේවය අවතක්සේරු කිරීමට කිසිවෙකුට ඉඩ දිය නොහැකි බව ප්‍රකාශ කළ ජනාධිපතිතුමා එදා හමුදාවට නායකත්වය ලබාදුන් ඇතැමුන් විසින්ම පටු දේශපාලන න්‍යාය පත්රවලට මුවාවී සිදුකරන එම අවිනීත ප්‍රකාශ පිළිබඳව දැඩිව කනගාටු වන බවයි.
රජය ආරක්ෂක අංශ සමඟ එක්ව මේ වන විට රටේ ජාතික ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කර තිබෙන අතර යළිත් එවන් ත්‍රස්ත කි‍්‍රයාවකට ශ්‍රී ලංකාවේ කිසිදු ඉඩක් නොමැති බව ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේය.
වීරත්වයේ සංකේතයක් වන පෞරාණික රණ පරශූ සම්මානය ප්රදානය කෙරුණු ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයකි.
විශේෂ බලකාය ජීවිත පරිත්‍යාගයෙන්, මාතෘ භූමිය ආරක්ෂා කිරීමෙහි ලා ඉටු කරනු ලැබ අනගිභවනීය සේවය අගයනු වස් වර්ණ රෙජිමේන්තුවක් භාවිත කරනු ලබන සෑම අවස්ථාවකම ඒ හා සමානව භාවිත කළ හැකි විශේෂ ජනාධිපති රණ පරිශූ සම්මානය හා රෙජිමේන්තු රණ පරශු සම්මානය ප්රදානය කිරීම විශේෂ බලකායට අභිමානවත් වරප්‍රසාදයක් මෙන් ම ගෞරවයක් ලෙසද සැලකේ.
කෂිනි හපුආරච්චි

popular news
-
සෙනෙවි Friday, 16 August 2019 05:35 PM
ඒ කියන්නෙ එතුමා ආපහු කවදාවත් ජනාධිපති තරඟයට එන්නෙ නෑ කියලද
Reply : 0 0
Kumar Friday, 16 August 2019 09:18 PM
ඔය කිව්වට ත්‍රස්තවාදී ක්‍රියා සම්පුර්ණයෙන් නතරකල රටක් කොහෙවත් නැත. ඒ දවස් වල මම ඉන්න රටේ ජනාධිපති බුෂ් කිව්වෙත් ඔහොම තමා. ඉතිරි හරිය කියන්න ඕනෙ නැහැනෙ. වැඩිය කතාවක් නැතිව ත්රස්තවදියට එරහිව කටයුතු කලොත් තමා හොඳ.
Reply : 0 0
shan Saturday, 17 August 2019 12:20 PM
"යලිත් රටේ කිසිම දිනක ත්‍රස්ත ක්‍රියාවක් සිදු උනොත් එදාට ජනපති රටෙත් නෑ" කියල කෙවනම් තම හරියටම හරිම අපි කියන්න ඕනේ වෙන දේ මිස නොවන දේ නෙවේ පරයෙක් රජකර රටට උන විනාසයක්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

