වත්මන් ආණ්ඩු පාලන කාලය තුළ රාජ්‍ය ආයතනවල සිදුව ඇතැයි සැලකෙන දූෂණ ක්‍රියා, වංචා, සාපාරාධි ලෙස විශ්වාසය කඩකිරීම, දේපළ සාපරාධී ව්‍යපහරණය, රැවටීම, හා බලය හෝ අධිකාරිය, රාජ්‍ය සම්පත් හා වරප්‍රසාද අනිසි ලෙස භාවිත කිරීම හෝ අවභාවිතය පිළිබඳ විමර්ශනය කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කළ පරීක්ෂඛ කොමිෂන් සභාවේ කාලය දිගු කර තිබේ.
එම පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලය සැප්තැම්බර් 30 දා අවසන්වීමට නියමිතව තිබුණ අතර එහි කාලය නැවතත් ඔක්තෝබර් 31 දා තෙක් දීර්ඝ කර තිබේ.
2015/01/15 දා සිට 2018/12/31 දා තෙක් සිදුවූ බව කියන වංචා හා දූෂණ සෙවීම වෙනුවෙන් මෙම කොමිෂන් සභාව 2019/01/14 දා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරනු ලැබීය.