නොවැම්බර් 27 වනදාට යෙදී ඇති මහවිරු දිනයේ ප්‍රධානම සැමරුමක් වන යාපනය විශ්වවිද්‍යාලයේ මහවිරු සැමරුම අද දිනයේදී යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සමරනු ලැබූහ.
යාපනය විශ්වවිද්‍යාලයේ පිහිටි යුද්දයේදී මිය ගිය අය සිහිපත් කිරීම වෙනුවෙන් ඉදිකොට ඇති ස්මාර්කය අලංකාර කොට එම ස්මාර්කය අසලට විශ්ව විදයාලයේ සියලුම සිසු සිසුවියන් රැස්ව මිය ගිය මහවිරුවන් වෙනුවෙන් මල් තබා පහන් දල්වීම සිදු කරනු ලැබූහ.
මහවිරුවන් සැමරීමේ අවස්ථාවට යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්ය වරුන් මෙන්ම අනධ්‍යන කාර්ය මණ්ඩලයේද සහය ලැබුණු බවට යාපනය විශ්ව විද්‍යාලයේ මහාශිෂ්‍ය සංගමය කියා සිටියේය.
එමෙන්ම යාපනය විශ්වවිද්‍යාලය තුල නීතිවිරෝධි අයුරින් මහවිරු සැමරුම් සිදු කරන්නේද යන්න පිළිබඳව සොයා බැලීමට විශ්ව විද්‍යාලය අවට යාපනය පොලීසියෙන්ද ආරක්ෂාව යොදා තිබුණි.