උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතා හා යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (08) යාපනය පිහිටි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණ.
සේවයෙන් ස්ථාන මාරුවීම් ලබා ආරක්ෂක අමාත්‍යාංශය වෙත යාමට නියමිත යාපනය ආඥාපතිවරයා එහිදි උතුරු පළාත් ආණ්ඩුකාරවරයා හමුවි සමුදීම සිදු කෙරිණ.
යාපනය දිස්ත්‍රික්කය ඇතුළු උතුරු පළාතේ ආරක්ෂක තත්ත්වය යහපත්ව පවත්වාගෙන යාමට යාපනය ආඥාපතිවරයා දැක්වු මෙහෙය වෙනුවෙන් උතුරු පළාත් ආණ්ඩුකාරවරයා මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතා වෙත ගෞරවය පිරිනැමීමද සිදු කෙරිණ.
යාපනය ආරක්ෂක තත්ත්වය හා යාපනය දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන්ද දෙපාර්ශවය අතර එහිදි සාකච්ජා කළ අතර යාපනය ආරක්ෂක සේනා ආඥාපතිවරයා ස්ථාන මාරුවීම ලැබීම හේතුවෙන් දෙපාර්ශවය විසින් සමරු තිළිණ හුවමාරු කර ගැනීමද සිදුකරනු ලැබීය.