යතුරු පැදි අනතුරකින් ලාංකිකයෙක් ඉතාලියේදී මරුට
විදුලි ස්කුටරයක ගමන් කරමින් සිටි ශ්‍රී ලාංකිකයෙකු ඊයේ (09දා) අලුයම ඉතාලියේ ෆිරෙන්සේ නගරයේ මාර්ගයක සිදු වු අනතුරකින් එම ස්ථානයෙම මියගොස් ඇති බව ෆිරෙන්සේ නාගරික පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ කලෙක සිට ෆිරෙන්සේ නගරයේ රැකියාවක නිරත වෙමින් ජීවත් වු මොහමඩ් ෆහිම් අබ්දුල් රහිම් (27) නැමති ලාංකිකයෙකි.
ඊයේ අලුයම 2 ට පමණ ෆිරෙන්සේ වියාලේ දොන් මන්සොනි මාර්ගයේ මංසංදියකදි එක් අන්තයකින් පැමිණි යතුරු පැදියක ලාංකිකයා පැදවු විදුලි ස්කුටරය ගැටී මෙම අනතුර සිදුව ඇති බවට මූලික පරික්ෂණවලදි හෙළි වු බව ෆිරෙන්සේ නාගරික පොලිසිය පැවසිය.
අනතුරත් සමග බරපතල තුවාල ලබා සිටි ලාංකිකයාට එම ස්ථානයට පැමිණි හදිසි ගිලන් රථ වෛද්‍යවරුන් කෘතිම ස්වසන ලබා දී ප්‍රතිකාර ලබා දෙන්නට උත්සහ කළත් එය අසාර්ථක වී ලාංකිකයා එම ස්ථානයෙම මියගිය බව ෆිරෙන්සේ නාගරික පොලීසිය වැඩිදුරටත් පැවසිය.
අනතුර සිදුවන අවස්ථාවේදි ලාංකිකයා ආරක්ෂිත හිස් වැස්මක් පැළඳ නොසිටීම හේතුවෙන් ලාංකිකයා අනතුරත් සමග පදික වේදිකාව අසළ පොළොවේ හිස ගැටී තිබෙන බව ෆිරෙන්සේ රෝහල් ආරංචි මාර්ග පැවසීය.
චන්දන ප්‍රනාන්දු ඉතාලියේ සිට
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

