යුක්රේනයේ හිටපු අගමැතිනී යුලියා ටිමොෂෙන්කෝ කොරෝනා වෛරසය සඳහා ධනාත්මක වී ඇති අතර, මේ වනවිට ඇය බරපතළ තත්ත්වයේ පසුවන බව ඇගේ ප්‍රකාශිකාවක සඳහන් කර තිබේ.
"කනගාටුවට කරුණක් නම් මෙය සත්‍යයයි" යනුවෙන් ෆාදර්ලන්ඩ් පක්ෂයේ ප්‍රකාශිකා මරීනා සොරෝකා ෆේස්බුක් සටහනක තබමින් සඳහන් කර ඇත.
59 හැවිරිදි හිටපු අගමැතිනිය රෝගය සමග සටන් කරන බව ඇය වැඩිදුරටත් සඳහන් කර තිබේ. මේ අතර ටිමොෂෙන්කෝගේ පවුලේ සමහර සාමාජිකයන්ටද වෛරසය ආසාදනය වී ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි.
ටිමොෂෙන්කෝ දෙවරක් යුක්රේනයේ අගමැති ධුරයට පත් වූ අතර 2004 දී ඔරේන්ජ් විප්ලවය ලෙස හැඳින්වෙන දූෂණයට හා මැතිවරණ කොල්ලකෑම්වලට එරෙහිව පුළුල් විරෝධතා හමුවේ ප්‍රසිද්ධියට පත්විය. ඇය දෙවරක් සිරගත කෙරිණි.
ඇය 2019 දී යුක්රේනයේ ජනාධිපතිවරණයේදී තෙවැනි වරටත් පෙනී සිටියද ප්‍රමාණවත් සහයෝගයක් ලබා ගැනීමට අපොහොසත් විය. යුක්රේනයේ මේ දක්වා වෛරස ආසාදිතයන් 107,379ක් වාර්තා වී ඇති අතර, මරණ සංඛ්‍යාව 2,313කි.