යුක්රේනයේ ගුවන් යානා පාසලක සිසුන් රැගත් හමුදා යානයක් ගොඩබසින අතරතුරදී කඩා වැටී ගිනිගෙන ඇති අතර, එම සිද්ධියෙන් එහි ගමන්ගත් 22 දෙනෙකු මිය ගිය බව එරට හදිසි සේවාව පවසයි.
පුද්ගලයන් 28 දෙනෙකු රැගත් ඇන්ටනොව්-26 වර්ගයේ යානය කියෙව් අගනුවරට කිලෝමීටර් 400ක් නැගෙනහිරින් පිහිටි චුහයිව් ගුවන් තොටුපළට ගොඩබසින අතරතුර අනතුරට ලක්ව ඇත.
පුද්ගලයින් 22 දෙනෙකුගේ සිරුරු හමුවී, දෙදෙනෙකු තුවාල ලබා, සිව් දෙනෙකු සෙවීමේ කටයුතු දිගටම කරගෙන යන බව හදිසි සේවාව පවසයි.
යානයේ හමුදා කාර්ය මණ්ඩලයක් සිටි බවත්, යානයේ සිටි බොහෝ දෙනා ආරක්ෂක අමාත්‍යාංශය විසින් පවත්වාගෙන යනු ලබන ගුවන් යානා පාසලක සිසුන් බවත් වාර්තා වේ.
තුවාල ලැබූ දෙදෙනා අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගත කර ඇති අතර අතුරුදන් වූ සිව්දෙනා සෙවීම දිගටම කරගෙන යන බව නියෝජ්‍ය අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ඇන්ටන් ජෙරාෂ්චෙන්කෝ පැවසීය.
යානය පුහුණු ගුවන් සැසියක් පවත්වමින් සිටි බව ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මූලික තොරතුරු උපුටා දක්වමිනි. අනතුරට හේතුව කුමක්ද යන්න මූලිකව සඳහන්ව නැත.