ගාල්ල, කලේගාන වැකුණගොඩ පටුමග දුම්රිය හරස් මාර්ගයේදි ගාලලේ සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක දුම්රිය හරස් මාර්ගයේ ධාවනය කළ මෝටර් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් එම මෝටර් රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.
ඊයේ (21දා) සවස මෙම අනතුර සිදුව තිබේ. අනතුරින් මියගොස් ඇත්තේ රිච්මන්ඩ් කන්ද ගාල්ල ලිපිනයේ පදිංචි අවුරුදු 35ක් වන බුද්ධික මනෝහර නැමැත්තෙකි.