මොරගහහේන වත්තක තිබි ඩෙටනේටර් තොගයක් සොයා ගනියි
මොරගහහේන තලගලවත්ත ප්‍රදේශයේ ඉඩමක තිබි ඩෙටනේටර් විශාල ප්‍රමාණයක් සොයා ගත් බව මොරගහහේන පොලීසිය පවසයි.
බැකෝ යන්ත්‍රයක් අධාරයෙන් එම ඉඩම ශ්‍රද්ධ කරමින් සිටියදි එකවරම ඇති වු පිපිරිමත් සමඟ බැකෝ යන්ත්‍ර ක්‍රියාකරු මොරගහහේන පොලිස් ස්ථානාධිපති තුමාට කරන ලද දැනුම් දිමක් අනුව මෙම ඩෙටනේටර් තොගය සොයා ගැනිමට හැකි වි ඇත.
පොලිස් විශේෂ බලකා නිලධාරින්ද එම ස්ථානයට කැඳවා සිදු කළ සෝදිසි මෙහෙයුමේදි පාර්සල් දෙකක බහා තිබු මෙම ඩෙටනේටර් හමු වු බව එම පොලීසිය පවසයි.
මේ දිනවල සිදු කරන සෝදිසි මෙහෙයුම් වලදි කිසියම් පුද්ගලයෙකු බිය වි මෙම ස්ථානයේ එවා පැමිණ වළ දමන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි.
පානදුර පොලීසිය විසින් මේ පිළිබඳව දිර්ඝ විමර්ශන සිදු කෙරේ.
මත්තේගම - බිමල් ශ්‍යාමන්

popular news
-
Champa Wednesday, 08 May 2019 09:45 AM
ලංකාව පුරාම detonators හම්බ වෙනවා ඉතාම විශාල ප්‍රමාණ වලින්. මේවා කොහෙන් කොහොම ගෙනපුවද? කොහොමද රටේ විවිධ පළාත් වල මේවා මෙච්චර තියෙන්නේ? මේ විදිහට ලංකාවම ගහල අල්ල ගන්නත් ඉඩ තිබුනනේ. මේ හම්බ වෙන ආයුධ සහ හමුදා නිල ඇඳුම් සම්බන්දව වෙනම පරීක්ෂණයක් කරන්න අවශ්‍යයි. මොකොද මේවා එක තැනක තිබ්බ දේවල් නෙමෙයි. රටේ විවිධ පළාත් වල තිබුන එක ඉතාම සැලසුම් සහගතව කරපු වැඩක්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

