මොරගහකන්ද රක්ෂිතයෙන් මිනිස් අස්ථි කොටස් කිහිපයක් හමුවෙයි
මොරගහකන්ද රක්ෂිත ප්රදේශයට අයත් කොන්ගහවෙල හා රජාවෙල පැරණි ගම් සීමාවේ තිබි මිනිස් අස්ථි කොටස් යැයි සැක සිතිය හැකි අස්ථි කොටස් කිහිපයක් අද (02) හමුවු බව නාඋල පොලීසිය පවසයි.
ප්රදේශවාසියෙකු විසින් ලබාදුන් තොරතුරකට අනුව නාඋල පොලිස් නිලධාරීන් විසින් අදාල ස්ථානය පරික්ෂා කිරිමේ දී අස්ථි කොටස් තුනක්, කලිසමක හා ෂර් ට් එකක යැයි සැක සිතිය හැකි ඇඳුම් කොටස් කිහිපයක් හමුවී තිබේ.
එම ස්ථානයට මීටර් සියයක් පමණ දුරින් රියදුරු බලපත්රයක් හා ජාතික හැඳුනුම්පතක්ද එම හැඳුනුම්පත් බාහාලන ප්ලාස්ටික් කවරයක් ද හමුවි ඇති බව පොලීසිය කියයි.
හමුව් ඇති හැඳුනුම්පතේ ‘හේරත් මුදියන්සේලාගේ නාලක සුමේධ බණ්ඩාර හේරත් ‘ ලෙස හා ‘ 1/60,වෙලන්ගොල්ල,කොන්ගහවෙල,නාඋල, මාතලේ ‘
ලෙස සටහන් වී තිබේ.
අදාල හැඳුනුම්පත සම්බන්ධයෙන් අස්ථි කොටස් බැලීමට ආ ගම්වාසීන් කියා සිටියේ හැඳුනුම්පත අයිති පුද්ගලයා කලක සිට ගමේ නොසිටි පුද්ගලයෙකු බවයි.
ප්රදේශයේ රියදුරෙකු වශයෙන් කටයුතු කර ඇති එම පුද්ගලයා කලක සිට ප්රදේශයේ දක්නට නොලැබුණු බව ද ප්රදේශවාසීහු කියා සිටියහ.
සිද්ධිය සම්බන්ධයෙන් පැති කිහිපයක් ඔස්සේ නාඋල පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

