මොරගහකන්ද රක්ෂිත භූමියට යළි ගිනි තබයි
මොරගහකන්ද ජලාශය ආසන්න ප්‍රදේශයේ පිහිටි රක්ෂිත ප්‍රදේශ කිහිපයකට යළි ගිනී තබා ඇතැයි මහවැලි අධිකාරිය පවසයි.
ජල පෝෂක ප්‍රදේශ මෙන්ම ජලාශයට ආසන්න රක්ෂිත භූමි වල සිදුව ඇති ගිනි තැබීම් හේතුවෙන් ප්‍රදේශයට ආවේණික ශාක රැසක් විනාශ වී තිබේ.
ඉවක් බවක් නොමැතිව වියළි කාලගුණය අතර තුර සිදුකරනු ලබන වනාන්තර ගිනී තැබීම් හේතුවෙන් වන සතුන් මෙන්ම වටිනා ශාක පද්ධති රැසක් ද විනාශ වි තිබේ.
මොරගහකන්ද ජලාශය නැරඹිමට පැමිණෙන දේශිය සංචාරකයින් මෙන්ම විවිධ පරමාර්ථ පෙරදැරිව දඩයක්කරුවන් ද මෙම ගිනි තැබීම් වලට හවුල් වන බව ජලාශය අවට ජිවත් වන පිරිස් කියා සිටිති.
බෑවුම් සහිත භූමිවල සිදුවන පාරිසරික හානි හේතුවෙන් පස සෝදාගෙන යාම, වටිනා සත්ව හා ශාක කොටස් විනාශ වීම ආදි දුර්විපාක වලට මොරගහකන්ද ආශ්‍රීත ජනතාවට මුහුණ දීමට මෙම තත්ත්වය හේතුවෙන් සිදුවන බව මධ්‍යම පළාත් පරිසර සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු පරිසරවේදී ගාමීණි ජයතිස්ස මහතා මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමක දී කියා සිටියේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

