මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු ජනපති අතින් විවෘත වෙයි
කඩිනම් මහවැලි යෝජනා ක්‍රමය යටතේ මෙරට ඉදි කෙරුනු අවසන් වාරි යොජනා ක්‍රමය වන මොරගහ කන්ද ජලාශයේ වාන් දොරටු වීවෘත කිරීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් ලබන සිකුරාදා (30) සිදුකිරිමට නියමිත බව ව්‍යාපාතියේ මහජන සම්බන්ධතා නිලධාරි පී.ජී. දයානන්ද මහතා කියයි.
ජලාශයේ සමස්ත ජල පරිමාව අක්කර අඩිහය ලක්ෂ හැට දහසකි.ඉන් අස්සැද්දීමට අපේක්ෂිත කුඹුරු අක්කර ප්‍රමාණය අක්කර අසූ දෙදහසකි.
අද දිනය වනවිට ජලාශයේ ජල මට්ටම අක්කර අඩි 184 දශම 7 ට ලගා වී ඇති බව ව්‍යාපෘතියේ කාර්යභාර ඉංජිනේරු පී.එස්. බණ්ඩාර මහතා කියා සිටියේය.
(එය ජලාශයේ සමස්ත ජල ප්‍රමාණයෙන් 98.40% කි.)
කෙසේ වෙතත් ලබන සිකුරාදා වනවිට ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම සිදුවන බව ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා නිලධාරි පී.ජී. දයානන්ද මහතා කියා සිටියේය.
ඉතා කෙටි කාලයකින් මොරගහකන්ද ජලාශය පිරි යෑම හේතුවෙන් කිසිදු ගැටළුවකින් තොරව පහළ නිම්නයේ ගොවි ජනතාවට ජලය ලබාදීමේ හැකියාව මේ හරහා සිදුවන බව ද හෙතෙම කියා සිටියේය.
මොරගහකන්ද ජලාශය හරහා විදුලිය නිපදවීම සිදුවන අතර ජලාශයෙ විදුලි බලාගාරයේ ජනන යන්ත්‍ර තුනෙන් වාර්ෂිකව ජාතික විදුලි පද්ධතියට එක්වන විදුලි ප්‍රමාණය කිලෝවොට් 25කි.
මෙමගින් වාර්ෂිකව ඉතිරි කෙරෙන ඉන්ධන පිරිවැය රුපියල් මිලියන 336 ක් පමණ වන බව දයානන්ද මහතා වැඩිදුරටත් කියා සිටියේය.
නාඋල- ඉන්දික කුමාර

popular news
-
chathuri Wednesday, 28 November 2018 07:57 PM
විවුර්ත. කරන. දවසට. අතින් වතුර ගෙනත්. පුරවපු විදියට. කතාකරයි , පොලවේ. පස්. ටිකත්. හොරෙන් කන උන් පවුලේ. ඉන්නේ. , වතුර ටික. අහසින්. වැටෙන්නේ. මොනම විදියටවත්. හොරෙන් කන්න. බැරිනිසා. වැහි. වතුරටික ඉතිරිවුණ. දැන්. කියයි වැව් හදල. වතුර පුරවපු විදියට. එදාට. බිල්ලට. දෙන්න නියම. කෙනා. නැතිනම්. අසරණ. මිනිස්සු. යට වෙන්න. කලින්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
