මොණරාගලින් අලුත් මුහුණු 4ක් පාර්ලිමේන්තුවට
2020 පාර්ලිමේන්තු මැතිවරණය මොනරාගල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත්වූ නවකයින් සිව් දෙනෙකු පාර්ලිමේන්තුවට තේරී පත්වී ඇති අතර 1989 සිට වසර තිස්එකක් අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කළ හිටපු ඇමතිවරියකවූ සුමේධා ජයසේන මහත්මිය සහ 1986 දී පාර්ලිමේන්තුවට තේරී පත්වූ මොනරාගල දිස්ත්‍රික්කයේ ජේෂ්ඨතම මන්ත්‍රීවරයෙකු වන හිටපු නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පරාජයට පත්වී තිබේ.
මීට පෙර දෙවරක් පාර්ලිමේන්තුවට පත්වූ පද්ම උදයශාන්ත ගුණසේකර මහතාද පරාජයට පත්වී ඇත.
මෙවර මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නවකයන් ලෙස ඉදිරිපත්වූ ඌව පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ,ඌව පළාත් සභාවේ හිටපු ඇමතිවරයෙකුවූ කුමාරසිරි රත්නායක,වෛද්‍ය ගයාෂාන් නවනන්ද යන මහත්වරුන්ද සමඟි ජනබලවේගයෙන් ඉදිරිපත්වූ හිටපු ඌව පළාත් සභා මන්ත්‍රීවරයෙකු වූ ඩබ්ලිව්.එච්.එම් ධර්මසේන මහතාද පාර්ලිමේන්තුවට තේරී පත්වී ඇත.
නවකයින් ලෙස ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ඉදිරිපත්වූ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා දෙවරක් ඌව පළාත් සභාවේ ප්‍රධාන ඇමතිවරයා ලෙසද කටයුතු කැර ඇති අතර ඔහු ලබාගෙන ඇති මනාප ඡන්ද සංඛ්‍යාව 1,04729 ඌව පළාත් සභාවේ හිටපු ඇමතිවරයෙකුවූ කුමාරසිරි රත්නායක මහතා ලබාගෙන ඇති මනාප ඡන්ද සංඛ්‍යාව 91,530කි. වෛද්‍ය ගයාෂාන් නවනන්ද මහතා ලබාගෙන ඇති මනාප ඡන්ද සංඛ්‍යාව 45,384 කි.
සමඟි ජන බලවේගයෙන් තේරී පත්වූ ඩබ්ලිව්.එච්.එම් ධර්මසේන මහතා ලබාගෙන ඇති මනාප ඡන්ද සංඛ්‍යාව 20,662 කි.
මොණරාගල සුමනසිරි ගුණතිලක
popular news
-
Champa Tuesday, 11 August 2020 08:10 PM
උදයශාන්ත පරාද වුනා? ඒක නම් වෙන්න බැහැ. කොහොම හරි වෙල්ලස්සේ එකම සිංහල බෞද්ධ හඬ - පද්ම උදයශාන්තව හලලා තියෙනව, ජනතාව අඳුරන්නේවත් නැති වියත්මඟ වියත්තු පාර්ලිමේන්තු ගේන්න. සජබටත් චන්ද 20,000ක් ලැබිල, උදයශාන්ත පරාද වුනා කියන එක විශ්වාස කරන්න අමාරුයි. මොණරාගල මේ දිනලා තියෙන මිනිස්සු කවදාවත් රට ජාතිය වෙනුවෙන් කතා කරලා තියෙනවද? කළුතර මාතර විතරක් නෙමෙයි, අනුරාධපුරය, පොලොන්නරුව, කොළොඹ සහ ගම්පත් මනාප වෙනස් කිරීම කරලා තියෙනව. සරත් වීරසේකර, නාලක ගොඩහේවා සහ වියත්මඟ වියත්තු මාධ්‍ය වල හිටියට රටේ සාමාන්‍ය ජනතාව අතර හිටපු මිනිස්සු නෙමෙයි. මේ ගොල්ලන්ට චන්ද ලක්ෂ ගණන් හම්බ වුන එක ඇත්ත වෙන්න කොහෙත්ම බැහැ. මහින්ද වෙනුවෙන් හිටපු මන්ත්‍රීවරු පල්ලෙහට දාල සහ සමහරුන් ඉවත් කරලා තියෙනව
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

