මොණරාගල 2335ක් අවතැන්
නොකඩවා ඇදහැලුන ධාරානිපාත වර්ෂාව නිසා මොණරාගල දිස්ත්‍රික්කයේ සියලුම වැව්,අමුණු,ගංගා පිටාරගැලිම් හා නාය යෑම් නිසා 21 දින දහවල් වන විට පවුල් 587ක 2335 දෙනෙකු අවතැන්ව සිටින බව දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක රවින්ද්‍ර කුමාර මහතා පැවසිය.
මොණරාගල දිස්ත්‍රික්කයේ ගල්ඔය,කුඹුක්කන්ඔය.වළවේ ගග,මැණික් ගග,විලඔය,හැඩ ඔය ඇතුලු ගංගා ජලයෙන් පෝෂණය වන දෙටගමුව, කිරිඉබ්බන්ආර, මිගහඅරාව, කිතුල්කටුව, හඹරළුව, අක්කර දෙක,මරගල, වෙහෙරගල,ඇතුලු ගංගාවන් සියල්ලම අඩි 5-6 උසට ජලය පිටාර ගැලීම නිසා දිස්ත්‍රික්කයට ගංවතුර තත්වයක් ඇතිවු බව දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි.
අයහපත් කාලගුණයත් සමග දිස්ත්‍රික්කයේ නිවාස 190ක් හානියට පත්ව එක් ජීවිත අනතුරක් සිදු වු බව රවීන්ද්‍ර කුමාර මහතා කීය.
අවතැන් වු අයගෙන් නිවාස වලට යාමට නොහැකිව සිටින පවුල් 90 ක 200ක් පමණ දෙනා තවමත් කදවුරු හයක සිටින බව කියයි.
දිස්ත්‍රික්කයේ ගංවතුර හා නාය යෑම් නිසා මාර්ග අවහිර වී,විදුලි රැහැන් බිමට වැටී,ජල මාර්ග අවහිරවී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

