මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ මා කිසිදු විරසකයක් නෑ
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යටතේ පවතින ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරිම්, පුනරුත්තාපන, උතුරු පළාත් සංවර්ධන වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ සංවර්ධන ව්‍යාපෘති හා වැඩසටහන් සම්බන්ධිකරණ මෙන්ම ප්‍රගති සමාලෝචනය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී පියසේන ගමගේ මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉකුත්දා පත් කරන ලදි.
ඒ අනුව, එම කටයුතු සිදු කිරිම සදහා අද ( 31) දින පාර්ලිමේනත්තු මන්ත්‍රි පියසේන ගමගේ මහතා නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණූ අමාත්‍යාංශයේදී සිය රාජකාරි ආරම්භ කරන ලදි.
එහිදි මාධ්‍ය වෙත අදහස් දැක්වු පියසේන ගමගේ මහතා සඳහන් කරන ලද්දේ ,
වෘත්තීය පුහුණුවට වැඩි වටිනාකමක් ලබාදුන්නේ පියසේන ගමගේ මහතා බව තේරුම්ගත් අග්‍රාමාත්‍යතුමා විසින් තමන්ට සුදුසුම අමාත්‍යාංශයට අදාල රාජකාරි පැවරු බවයි. ඒ අනුව, ඉදිරියේදී අගමැතිතුමන් පැවරු පුර්ණ බලතල යටතේ වෘත්තීය පුහුණූ කෙෂ්ත්රයේ විශාල වෙනසක් කිරිමට බලාපොරොත්තු වන බව සඳහන් කළේය.
එහිදි මාධ්‍යවේදීන් විසින් ප්‍රශ්න කර සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වසර 30 කට අධික කාලයක් කටයුතු කල පුද්ගලයෙකු ලෙස ප්‍රතිවාදි කණ්ඩායමේ සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැනි පුද්ගලයෙකු සමග එක්වි කටයුතු කිරිමේ හැකියාවක් පවතින්නේද යන්න පිළිබදවයි. එය පහසු කාර්යයක් බව පැවසු පියසේන ගමගේ මහතා සඳහන් කළේ තමාද කිසිදු දිනක එවැනි දෙයක් සිදුවෙතැයි අපේක්ෂා නොකල බවයි.
රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා තමන් සමග ඉතා සුහදව කටයුතු කරන බවත්, එතුමන්ගේ අනවශ්‍ය අතපෙවිම් වලින් තොරව සිය අමාත්‍යාංශයේ රාජකාරි ඉටුකිරිමට අවස්ථාව සලසා දුන් බවත් ප්‍රකාශ කළේය. තමන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග කිසිදු විරසකයක් හෝ හිත් අමනාපයක් නොමැති බවත්, සඳහන් කල පියසේන ගමගේ මහතා සඳහන් කළේ එතුමාද සුහදශීලී දේශපාලන නායකයෙකු බවයි.

popular news
-
sathyapala Friday, 01 February 2019 08:10 AM
Mona kramayakin hari kamak naha katuwak kanna thibunoth athi.
Reply : 0 3
Deepal Nirosh Friday, 01 February 2019 03:07 PM
බොරු කරනම් ඕන නැහැ, කෙළින්ම පක්ෂ සාමාජිකත්වය ගත්ත නම් ඉවරනෙ.
Reply : 0 4
ranjith Sunday, 03 February 2019 09:37 AM
සිරිසේම මහත්තය කරපු පාවාදීම එක්ක ඔහුත් සමග 2015 එකතු උන කණ්ඩායම නන්නත්තාර උන බලයට ගෙන ය අමතක කරලා නෙවත් බලේ ඉන්න තියෙන තණ්හාවට ආණ්ඩුවේ නායකයා ලෙසම එමින් විපක්ෂය සමග එකතු වෙලා ලක වාර්තාවක් පාවාදීම සම්බන්දව කරපු නායකයෙක්
Reply : 0 0
mahinda Sunday, 03 February 2019 07:56 PM
ඔක්කොම සුහදශීලී නායකයෝ. ජනතාව තමා වැරදි කාරයෝ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

