මෛත්රී- මහින්ද ආණ්ඩුවට එරෙහි පුළුල් පෙරමුණට නව නාමයක් හා ලාංඡනයක්?
එක්සත් ජාතික පෙරමුණ, ශ්රී ලංකා නිදහස් පක්ෂය හා අනෙකුත් දේශපාලන පක්ෂ වලට ඒකාබද්ධ විය හැකි ලෙස සකස් කරන නව පෙරමුණ සඳහා නව නාමයක් හා නව ලාංඡනයක් සැකසීමේ කටයුතු ආරම්භ කර ඇති බව 'අද'ට වාර්තාවෙයි.
මෛත්රී- මහින්ද ආණ්ඩුව බිහිවීමත් සමග ඉදිරියේදී පැවැත්වෙන පළාත් සභා, ජනාධිපතිවරණය හා මහ මැතිවරණය යන මැතිවරණ සඳහා පුළුල් පෙරමුණක් ලෙස ඉදිරිපත් වීමට එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයෝ එකඟතාවකට පැමිණීමෙන් පසු මෙම නව පෙරමුණ බිහිකිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.
අදාළ නව පෙරමුණට ඕනෑම දේශපාලන පක්ෂයකට, කණ්ඩායමකට හා පුද්ගලයෙකුට එක්විය හැකි අතර ඉදිරි දින කීපය තුළදී අදාළ පෙරමුණ එළිදැක්වෙනු ඇති බවද පැවසෙයි.

popular news
-
කෝලිත Friday, 02 November 2018 09:44 AM
රතු තොල් උඩ තියපු ඇටිකෙහෙල් ඇවරියක පිංතූරයක් දේදුනුපාට පසුබිමක..තිබිබම හරි..
Reply : 1 1
Deepal Nirosh Friday, 02 November 2018 10:14 AM
කොහොම පෙරමුණ හැදුවත් යාවජීව නායකත්වය අචල නම් එකම පදේටයි හැමෝටම නටන්න වෙන්නෙ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

