මේ වසරේ මේ දක්වා වන අලි 175ක් මිය ගිහින්
මේ වසරේ ජනවාරි පළමු වැනිදා සිට මේ මස 18 වැනිදා දක්වා කාලය තුළ වන අලින් එකසිය හැත්තෑ පස්දෙනෙකු මියගොස් තිබෙන අතර, ඉන් හත්දෙනෙකු දුම්රියේ ගැටීම නිසා මියගොස් තිබේ. පසුගිය වසර තුළදී වනඅලින් දෙසිය පනස්හයක් මියගොස් තිබෙන අතර, එම ප්‍රමාණයෙන්ද හත් දෙනෙකු දුම්රියේ ගැටීම නිසා මියගොස් ඇත.

popular news
-
Champa Friday, 21 September 2018 11:25 AM
මාස නමයට අලි 175ක් මැරුණා! 175ක්? වෙඩි වැදිලා කීයද? ස්වභාවික උපද්‍රව වලින් කීයද? කෝච්චියේ වැදිලා අලි මැරෙනවා කියන එක තනිකරම නොසැලකිල්ල. ඒ කියන්නේ මාසෙකට අලි 19-20ක් මැරිලානේ? හරිම අස්වාභාවිකයි. අර අලි ඇත්තු 11ක්ද කොහෙද මඩ වගුරේ ගිලිලා මැරිලා හිටියේ. එකත් මට නම් හරිම අස්වාභාවිකයි. අලියා කියන්නේ හොඳ මොලයක් තියෙන සතෙක්. අලි පැටවෙක් පාළු ළිඳකට වැටිලා මැරෙන එකයි ලොකු අලි මඩේ ගිලිලා මැරෙන එකයි අතරේ ලොකු වෙනසක් තියෙනව. අපේ ගම්වල නම් කියන්නේ අලියා දෙවියන්ට සම්බන්දයි කියලා. බාර හාර වලට සම්බන්දයි කියලා. මම පොඩි කාලේ දවසක බයවෙලා කෑගහව්ව දල තියෙන ලොකු ඇතෙක් අපේ කුස්සිය පැත්තේ දොරෙන් ගේ ඇතුලට එන්න හදනව හීනෙන් දැකල. එතකොට ගෙදර උයන මනුස්සය අම්මගෙන් අහැව්වා නෝනා ඔප්පු කරපු නැති බාර හෙම තියෙනවද කියලා. (අම්මගේ බාරහාර list එක ලියල තිබුනේ අල්මාරියේ දොරේ ඇතුල් පැත්තේ පැන්සලකින්.) එදා අලි සම්බන්ද විශ්වාස ගැන තියෙන කතා ගොඩක් දැන ගත්ත. දැන් නම් හුඟක් මතක නැහැ. බුදු දහමේ හැටියට වුනත් අලියා සලකන්නේ උතුම් සංකේතයක් විදිහට. මහමායා දේවියත් දැක්කේ සුදු නෙළුමක් ගත්ත සුදු අලි පැටවෙක්. අනේ මන්ද. හරිම විපරීත කාලයක්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
