මේ රටේ ඇති වු දේශපාලන පෙරළියත් සමගම එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් - නවීන්
මේ රටේ ඇති වු දේශපාලන පෙරළියත් සමගම එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් වි ඇති බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ නුවරඑළිය දිස්ත්‍රික් පා.ම නවින් දිසානායක මහතා පැවසිය.
නවින් දිසානායක මන්ත්‍රිවරයා ඒ බව කියා සිටියේ මස්කෙළිය ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ බල මණ්ඩල රැස්විම අද ගිනිගත්හේන මිලාර් ඉන් හෝටලේ පැවති අවස්ථාවේදීය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු නවින් දිසානායක මහතා
එක්සත් ජාතික පක්ෂය ඇතැම් සමාජිකයන් කලකිරිමෙන් සිටියත් ඇති වු දේශපාලන පෙරළියත් සමග මත භේද පසකලා සියළු එක්සත් ජාතික පක්ෂිකයන් එකට එක් වි එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කර ඇති බවයි.
එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කිරිමට ක්‍රියා කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සිය ස්තුතිය පුද කරන බවද ඔහු පැවසිය.
එක්සත් ජාතික පක්ෂය තුල නායකත්වය සදහා විවිධ නම් යෝජනා වි ඇති බවත්, තමන්ට සජිත් ප්‍රේමදාස මන්ත්‍රිවරයා ඇතුළු ඕනැම අයෙකු සමග වැඩ කිරිමේ හැකියාවක් ඇති බවයි නවින් දිසානායක මන්ත්‍රිවරයා කියා සිටියේ.
ඉදිරි සතිය තුළ ශ්‍රේෂ්ඨාධිකරණ තිරණයත් සමග ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියට තැබු පය අඩියක් පස්සට ගෙන මේ රටේ ඉකුත් මස 26 පෙර තිබු පාලන තත්ත්වයට මේ රට ඇති කරන බවට තමන් තුළ විශ්වාසයක් ඇති බවයි නවින් දිසානායක මහතා කියා සිටියේ.
හැටන් - රංජිත් රාජපක්ෂ

popular news
-
ajith Sunday, 09 December 2018 03:42 PM
ඒ jaa පය ශක්තිමත් බව ඔබලාට විශ්වාසනම් තව මොකටද තෙපරබනන්නේ අපි පරමාදිපත්ත්යට ගරුකර පවත්වමුකෝ මහජන mathivaranayak. ඔය ඔළුගෙඩි 120 දොසසහිතයි . මුදලට මාරුඋන අය.
Reply : 0 0
Champa Sunday, 09 December 2018 04:40 PM
ඒක තමයි වුනේ. හැබැයි මෛත්‍රීට ඕනේ වුනේ රනිල් නැතුව වෙන නායකයෙක් එක්ක යූඑන්පී එක ශක්තිමත් කරන්න. වැඩේ වැරදුන.දැන් රනිල්ට මෙතෙක් නොතිබුණු පිලි ගැනීමක් සහ සහයෝගයක් තියෙනව. රනිල් පහුගිය අවුරුදු 4 ටම මේ තරම් confidence එකේ කතා කරනවා මම නම් දැකල නැහැ. මෛත්‍රී මුළු රටම කෑව. කිසිම සටනක් නොතිබුණු චන්දෙකට අලුතෙන් සටනක් එකතු කළා. අවුරුදු 4ක් තිස්සේ විසිරිලා හිටපු බලවේග එකතු කරලා, එකතු වෙලා හිටපු බලවේග විසිරුවල දැම්ම. තුන්වෙනි වතාවටත් ජනතාව පාවල දුන්න. දැන් මරු විකල්ලෙන් හිරේ ඉන්න කොටිත් නිදහස් කරන්න යනවා උතුරේ චන්ද කොටින්ගේ උදව්වෙන් ගන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
