මේ රට දුප්පත් බවත් මේ රට පාලනය කරන පාලකයින් පොහොසත් බවත් ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසිය.
අනුර කුමාර දිසානායක මහතා ඒ බැව් කියා සිටියේ ඊයේ (04) හඟුරන්කෙත රිකිල්ලගස්කඩ ප්‍රදේශයේ පැවති ජනාධිපතිවරණ ප්රචාරක රැස්විමක් අමතමිණි.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු අනුර කුමාර දිසානායක මහාතා ,
“අපේ රටට නව පාලකයෙක් නව පාලනයක් අවශ්‍යයි. වසර 71ක් අපේ රටේ ජනතාවට අවස්ථාව ලැබිලා තියෙනවා ආණ්ඩු හදන්න . ආණ්ඩු පෙරළන්න නව පාලකයක් බිහි කරන්න. එවගේම නැවතත් අවස්ථාවක් ලැබිලා තියෙනවා නව පාලනයක් බිහි කරන්න.අපේ රට සියලුම විනාශයන් වලට මුහණ දිලා තියෙන්නේ. දැන් අපි මොකක්ද කළ යුත්තේ? අපේ රට වෙනස් කළ යුතුයි.මේ විනාශ වෙමින් යන රට බේරා ගැනිමට නම් නොවැම්බර් මස 16 වෙනිදා ජනතාවට අලුත් තින්දුවක් ගන්න වෙනවා.
පැරදිච්ච , යටගිය ඒ දේශපාලන කඳවුරු දෙක ප්‍රතික්ෂේප කර නව දේශපාලනයක් මේ රටේ ස්ථාපනය කළ යුතුයි. අපි ඔබට සහතිකයක් දෙනවා මේ විනාශ වෙමින් පවතින රට අපි හදනවා. අපේ රට දුප්පත් රටක් බවට පත් වෙලා ඉවරයි. ඒ වුණාට රට පාලනය කරන පාලකයෝ දුප්පත්ද ? රට දුප්පත් පාලකයෝ පොසත්, රට දුප්පත් ජනාධිපති අගමැති පොසත්. රට දුප්පත් නම් පාලකයොත් දුප්පත් වෙන්න එපැයි?
එ විතරක් නෙවෙයි රට ණය වෙලා තියෙන්නේ . ණය ගෙවා ගන්නත් බැරි ආරථිකයක් අපිට දැන් තියෙන්නේ. ණය ගෙවන්නත් ණය ගන්න වෙලා තියෙනවා. රජයේ භාණ්ඩාගාරයේ ගිණුම හිස් . හැබැයි පාලකයන්ගේ ගිණුම් පිරිලා. පාලකයන්ගේ වත්කම් වැඩිවෙලා. රටත් පොසත් වෙලා පාලකයත් පොසත් වුණාට කමක් නැ . එවුණාට අපේ රටේ වෙලා තියෙන්නේ රට දුප්පත් පාලකයා පොසත්. රටේ ගිණුම හිස් පාලකයන්ගේ ගිණුම් පිරිලා.
රටේ වත්කම් තමයි පාලකයන්ගේ ගිණුම්වල තියෙන්නේ. එ නිසා පාලකයන්ගේ ගතිගුණ වෙනස් වෙන්නේ නැතිනම් දඩුවම් ලබා දෙන්න ඕනි. ඒ නිසා නව දේශපාලනයක් මේ රටට අවශ්‍යයි. එ සදහා මම තමුන්නාන්සේලාට ආරාධනා කරනවා මේ රට වෙනස් කිරිම සදහා.
ඕනැම රටක් හදන්න අත්තිවාරමක් තියෙනවා. එ අත්තිවාරමට කරුණු තුනක් තියෙනවා . එකක් තමයි නිතියේ විදානයේ අධිපත්‍ය සාධාරණ නිතියක් තියෙන රටක්. අපේ රටේ ඉතාමත් හොඳ පොලීසියක් තියෙනවා. ඕනැම අපරාධයක් ඉක්මනින් අල්ල ගැනිමේ හැකියාවක් තියෙන පොලීසියක් තියෙනවා අපිට. නමුත් අපේ රටේ සොයා ගන්න බැරි වුණ අපරාධ තියෙනවා. තාජුඩින්ගේ ඝාතනය , ලසන්තගේ ඝාතනය, එක්නැළිගොඩ අතුරුදහන් විම . අනිත් එක තමයි වංචාවෙන් දුෂණයෙන් තොර පාලනයක් තියෙන්න ඕනි.
ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ සජිත් ප්‍රේමදාස මහතාට පුළුවන්ද මම හොරකම් නතර කරනවා, හොරුන්ට දඩුවම් දෙනවා කියලා පොරොන්දු වෙන්න පුළුවන්ද? මේ රටේ හොරකම වංචාව නැති පාලනයක් හදන්නේ ජාතික ජන බලවේගයෙන් පමණයි කියලා මම සහතිකයක් දෙනවා.
අපි මේ රටේ ජනතාවගේ සල්ලි සොරකම් කරලා නැ. අපි මේ රටේ සිදු වන සියලුම නාස්තින් නතර කරනවා. මන්ත්‍රිවරුන්ට පාර්ලිමේන්තුවේ අවුරුදු පහක් හිටියම විශ්‍රාම වැටුපක් හම්බෙනවා. අපි මන්ත්‍රිවරුන්ගේ විශ්‍රාම වැටුපත් කපලා දනවා. අපේ රටේ ඉන්න පුළුවන් ඇමතිවරු 25 නියෝජ්‍ය ඇමතිවරු 25 ඊට වඩා කිසිදු රාජ්‍ය කැබිනට් නොවන අමාත්‍ය ධුර අපි දෙන්නේ නැ .
තුන්වෙනි කැරුණ තමයි මහජන ආරක්ෂාව සහ ජාතික ආරක්ෂාව තියෙන්න ඕනි. අපි මේ රටේ ජනතාවගේ ආරක්ෂාවත් ජාතින්ගේ එකමුතුවත් ආරක්ෂා කරනවා. මේක තමයි රටක් හදන්න පුළුවන් අත්තිවාරම . මේ අත්තිවාරම තමයි අපි හදන්න ඕනි. මේ පාලකයෝ ජනතාවගේ දුක විකුණනවා. දශක ගණනාවක් තිස්සේ ජනතාවගේ දුක විකුණගෙන කාලා තියෙනවා. අපි මේ රටේ දුප්පත්කම තුරන් කරනවා” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසිය.
හැටන් - රංජිත් රාජපක්ෂ
