මේ නාඩගම දැන්වත් නතර කළ යුතුයි
මේ වන විට රටේ ඇතිව තිබෙන ගැටලුව අවසන් කිරීම සඳහා දැන්වත් කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමසදාස මහතා පවසයි. අද (04දා) පෙරවරුවේදී ශ්‍රේෂ්ඨාධිකරණය ආසන්නයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
" මේ දඟලන්නේ නීතිය ඉහළට ගේන්නද? මේ දඟලන්නේ පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය රකින්නද? දේශපාලකයන් මේ රටේ තාවකාලික භාරකරුවන් පමණයි. දේශපාලඥයන් බලන්නේ තමන්ගේ බඩ ගෝස්තරය රැක ගන්නයි. දැන්වත් මේ නාඩගම නැවැත්විය යුතුයි. දැන්වත් මේ විහිලුව නැවැත්විය යුතුයි.
පාර්ලිමේන්තුවේ බහුතරයට ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාව ලබා දිය යුතුයි. එවිට අපි ඔක්තෝබර් 26 දා පෙර පැවැති ආණ්ඩුව නිර්මාණය කරනවා. අවනීතියෙන් ඉවත් කළ අගමැතිවරයා නැවත පත්කළ යුතුයි."

popular news
-
Missaka Tuesday, 04 December 2018 11:43 AM
පසුගිය ඔක්තොම්බර 26 දින සිට හරියමන් ආණ්ඩුවක් නොතිබුනත් රටේ එදිනෙදා ක්‍රියාදාමයන් හරිහැටි ක්‍රියාත්මක විය. එයින් පෙනෙන්නේ මේ පාර්ලිමේන්තු මෝඩයින් 225 ම සහ පළාත්සභා, ප්‍රාදේශීය සභා සියලු දෙනාත් පන්නා දමා, තනි දෘඪ, අවංක පුද්ගලයකුට රටේ පාලනය බාර දිය යුතුය යන්නයි.
Reply : 9 224
Don Tuesday, 04 December 2018 01:36 PM
සජිත්, එයාල බබාලා, ඔය කිසිදෙයක් තේරෙන්නේ නෑ අගවිනිසුරුවරිය ගෙදර යවපු කට්ටියට නීතිය තේරෙනවද? මේ අභියාචනාව ඉදිරිපත්කරන්න තිබුනේ විනිසුරු විමල් වෙතයි
Reply : 0 0
Deepal Nirosh Tuesday, 04 December 2018 01:40 PM
මේ නාඩගම නැවැත්තුව කියමුකො, ඊට පස්ස තමුන්ගෙ නායකතුමා අගමැති කළා කියමුකො. එතුමා ආයිත් නටන නාඩගම නවත්තන්නෙ කවුද? ඔබතුමා ද? නැතිනම් ජනාධිපතිතුමා ද?
Reply : 0 104
rocky Tuesday, 04 December 2018 04:51 PM
නැහැ සජිත්. මේ නාඩගම ඉබේට නතර වෙන්නේ නැහැ. මහසොහොන් ගුරා නූල් සූත්තර අදින විදිහට රූකඩයා නටනවා. නටන්නේ මොනවද ඌ දන්නෙත් නැහැ. මොකක් හරි ක්‍රමයකින් මහසොහොනාටම කෙලිය යුතුයි. නැත් නම් ඔබටත් අපටත් මුළු ර ටටමත් කෙලවෙනවා!
Reply : 118 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
