මේ ආණ්ඩුවේ තියෙන්නේ සමනල න්‍යායක්
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත් කල තේරීම් කාරක සභාව චෝදනා වලින් ගැලවීම සඳහා ආණ්ඩුව අටවා ගත් ප්‍රෝඩාවක් බවත් එය හොරාගෙ අම්මාගෙන් පේන ඇසීමක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.
පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකිමෙන් අත සෝදා ගෙන එය ජනාධිපතිවරයා පිට පටවා ගැලවීමට ආණ්ඩුව මෙමඟින් උත්සාහ දරන බව පෙන්වා දෙන රණතුංග මහතා ජනාධිපතිවරයාට හෝ ආණ්ඩුවට පාස්කු ප්‍රහාරයේ වගකීමෙන් කිසිදා ගැලවිය නොහැකි බවද පෙන්වා දුන්නේය.
කෘතහස්ත දේශපාලනඥයෙකු වූ දිවංගත රෙජී රණතුංග මහතාගේ 11 වන ගුණසැමරුම නිමිත්තෙන් රෙජී රණතුංග සමරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමෙන් පසු මාධ්‍ය අමතමින් රණතුංග මහතා මේ බව සඳහන් කළේය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා,
" තේරීම් කාරක සභාව තනිකරම ප්‍රෝඩාවක් බව අප දැනගෙන හිටියා. ඒ නිසා තමයි අපි එය නියෝජනය කිරීම ප්‍රතික්ෂේප කළේ. මෙම තේරීම් කාරක සභාව හරහා මෙරට බුද්ධි අංශ පාවාදීමටත් ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නවා. බුද්ධි අංශ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව ආණ්ඩුවට තොරතුරු අනාවරණය කර තිබියදීත් ඒ ගැන පියවර නොගැනීම ගැන මේ රටේ ජනතාව ඉන්නේ කේන්තියෙන්. ඒකෙන් ගැලවෙන්න තමයි ආණ්ඩුව මේ සියලු උප්පරවැට්ටි දාන්නේ.
දැන් බලන්න මංගල සමරවීර ඇමතිවරයාගේ මාධ්‍ය අධ්‍යක්ෂකවරයා ආයුධත් සමඟ අත් අඩංගුවට අරන් පැය 24ක් යන්නත් කලින් ඇප දෙනවා. මිනුවන්ගොඩ සිද්ධියේදී ඒ සිද්ධියට කිසිදු සම්බන්ධයක් නැති තරුණ පිරිසක් හීනටියනෙන් අත්අඩංගුවට අරන් රිමාන්ඩ් කරනවා. අහිංසක අය රිමාන්ඩ් කරලා බඩුත් එක්ක අත්අඩංගුවට ගත් ආණ්ඩුවේ ගජ මිතුරන් නිදහස් කිරීම තමයි මේ ආණ්ඩුවේ සමනල න්‍යාය”.
දිවංගත රෙජී රණතුංග මහතාගේ සහෝදරයන් හා පවුලේ ඥාතීන් මෙන්ම මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සහ නගර සභාවේ සභාපතිවරු මන්ත්‍රීවරු ඇතුළු මහජන නියෝජිතයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

popular news
-
Dayan Friday, 31 May 2019 06:56 PM
සේරම බදාගෙන නිදාහිටපු ජනාධිපති තුමා පිට පටවන්න දෙයක් නැහැ. එයා මුලටම වගකිව යුථුඉ. පාර්ලිමේන්තුවේ ඉන්න 225 මත් වගකිව යුථුඉ. ඔය සේම යවල තියෙන්නේ මේවා හොයල බලල කටයුතු කරන්න.
Reply : 0 0
Don Friday, 31 May 2019 08:30 PM
මෙයත් පසුගිය ඔක්තෝබර් 26 දා සමනල න්‍යාය පිළිඅරගෙන අතට අතදීල ඔල්වරසන් නැගුවා මතකද?
Reply : 0 0
Nandana Friday, 31 May 2019 10:30 PM
ඔලුව පොඩි කද මහතාය කෙහෙතගේ අපලේ ,මෙයාගේ වංචා ගැනත් සොයා බලන්න
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

