මේ ආණ්ඩුවේ කාලය තව මාස හතරයි
ඉදිරියේ පිහිටුවන ආණ්ඩුවෙන් රටේ සියලු ජනතාවගේ ආරක්ෂාව මෙන්ම සියලු ජාතින්ට මේ පොළවේ ජීවත් වීමට හැකි සමාජයක් ගොඩ නැගීමට කැපවන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
විපක්ෂ නායකවරයා මේ බව පැවැසුවේ ඊයේ (21) පස්වරුවේ විහාර මහා දේවි එළිමහන් රංග පීඨයේ පැවති පාස්කු ඉරිදා ප්‍රහාරයට මාස 02ක් පිරීම නිමිත්තෙන් යුක්තියේ පහන්වැට සංවිධානය මගින් සංවිධානය කරනු ලැබු අධිෂ්ඨාන පුජාවට එක්වෙමිනි.
“මේ ආණ්ඩුව ඉදිරියට මෙවැනි ප්රහාරයන් ඇති නොවෙනවයි කියා ප්‍රකාශයක් කරන්නේ නැහැ. ත්‍රස්තවාදය පිළිබඳ මේ ආණ්ඩුවේ දැනීමක් ඇති කෙනකුට ඉන්න හිටපු හමුදාපතිවරයා කියනවා මෙවැනි ක්‍රියා නැති කිරීමට කාලයක් ගත වනවා කියා.
අපි සියලු දෙනා බියෙන් ජිවත් වෙනවා. පොහොයට පන්සලට යන්න නැහැ. පල්ලියට යන්න නැහැ. මුස්ලිම් ජනතාවගෙන් කිහිප දෙනකුගේන් සිදු වු ත්‍රස්තවාදී ක්‍රියා නිසා ඔවුන් දිහා සැකෙන් බලනවා. වැඩි වශයෙන්ම මෙයින් බැට කන්නේ මුස්ලිම් ප්‍රජාව.
මුස්ලිම් නායකයින්ට, මුස්ලිම් පුජකවරුන්ට වගකීමක් තියෙනවා මෙවැනි අන්තවාදී අදහස් ඇති තරුණයින් පුනුරුත්ථාපනය කිරීමට. රජය මෙම ප්‍රහාරයේ වගකීමෙන් මිදිලා. ජනතාව වැරදිකරුවන් වෙලා. ත්‍රස්තවාදය නිමා කර අවු.10ක් අපට නිදහසේ ජිවත් වීමට හැකි උනේ නැහැ.
ආණ්ඩුව මේවට සම්බන්ධ සියලු තොරතුරු දැනගෙන තිබුණා. මේ වට සම්බන්ධ පුද්ගලයින්ගේ නම්, ලිපිනය, හැඳුනුම්පත් අංක, පහර දෙන ස්ථාන යන ඒවා අප්‍රේල් 04 වැනිදා වන විට පොලිසිය රජයට දන්වලා.
ලියුම් එහේ මෙහේ හුවමාරු උනා. ඇමති තාත්තා පුතාට කිව්වා පල්ලියට යන්න එපා කියලා. නමුත් කිතුනු ජනතාවට, පල්ලියට, කාදිනල්තුමාට ඒ බව කියන්නේ නැහැ. මන්ත්‍රිවරුන්ට ඇමතිවරුන්ට දැනුම් දුන්නා පසුගිය 13 වනදා ප්‍රහාරයක් එල්ල වෙන්න පුළුවන් කියලා. අපි ඒ ගැන පාර්ලිමේන්තුවේ කිව්ව නිසා බෝම්බ ගැහුවේ නැහැ කියා ආණ්ඩුව අපට කියනවා.
දරුවන් පාසල් ගෙනියන්න අපි මැදිහත් වුණා. රටේ ආර්ථිකය කඩා වැටෙනවා අපිට බලාගෙන ඉන්න බැහැ. වගකිව යුතු විපක්ෂයක් ලෙස අපි ආණ්ඩුව කාගේද කියා බැලුවේ නැහැ. නිලධාරීන් කොච්චරදුරට මේ ආණ්ඩුව කියන දේ කරනවාදැයි මට සැකයක් තියෙනවා.
රටට ආදරය කරන නායකත්වයක් සමඟයි රටට ඉදිරියට යා හැක්කේ. අපි සිංහළ, දෙමළ, මුස්ලිම් වේවා මොන ආගමේ කොටසක් උනත් සහයෝගයෙන් කටයුතු කළ යුතුයි.
තව මාස 04යි මෙම ආණ්ඩුවේ කාලය. එන ඕනෑම මැතිවරණයකට අපි ලෑස්තියි.
මැතිවරණ කොමසාරිස් මැතිවරණ කල් දමනවා වගේ උසස් අධ්‍යාපන ඇමතිවරයා විශ්ව විද්‍යාලවලට ළමුන් ගැනීම පමා කරලා”



popular news
-
චමින්ද Sunday, 23 June 2019 10:37 AM
ඇයි මාස 4 කින් රජ පවුල බලයට පත්වෙනවාද. පොතේ හැටියටනම් 2020 ජනවාරියට පෙර නව ජනපති කෙනෙක් පත්විය යුතුයි.මතකද 2018 ඔක්තෝබර් මාසේ සිද්ධියක් වුනාමෙයත් එවැන්නක්ද.ඔබතුමා කියනවා මැතිවරණ කොමසාරිස් මැතිවරණ කල්දානවා කියල රටේ ප්‍රචාරයක් යනවා මැතිවරණ සභාපති මල්කැකුලෙන් ආසනයක් තරඟ කරනවා කියල.බලමු කවුද හරි කියල.
Reply : 0 13
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

