මෙහෙම ගියොත් තව අවු 10කින් දැන උගත් දරුවෝ රට හැර යනවා
මෙහෙම ගියොත් තව අවුරුදු දහයකින් දැන උගත් දරුවෝ රට හැරලා යන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේ කිරිබත්ගොඩ ජාතික මඟ සමුළුවට සහභාගී වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
අපි මේ රටට විද්‍යාත්මක ආණ්ඩුකරණයක් ගෙන ආ යුතුයි. විද්‍යාත්මක ආණ්ඩුකරණයක් කියන්නේ අපේ හැකියාවන්, රටේ හැකියාවන් අපි හඳුනාගෙන ඒ හැකියාවන්වලට අනුව ආර්ථිකයේ ඉදිරි පිම්ම පනින්න කටයුතු කිරිමයි. කියන්න කණගාටුයි 2015 සිට 2018 දක්වා ලංකාවේ ඒක පුද්ගල ආදායමේ ඩොලර් වලින් වර්ධනයක් නැහැ.
මේක ඉදිරියට ගන්න බැරිද? මේ සිද්ධියෙන් සිද්ධිය වෙනකොට මොකද වෙන්නේ. අපේ ළමයි රට යන්න බලනවා. එදා අපි විශ්ව විද්‍යාලවල ඉන්න කොට, මෙතන ඉන්න බොහොමයක් දෙනා දන්නවා, රටේ සමාජ අසාධාරණය දැක්කහම, සමාජයේ සාධාරණත්වය ඇති කරන්න කැරළි ගහන්න ඕනෙයි කියලා තරුණයෝ කල්පනා කරනවා. අද මොකද කරන්නේ, ‘උඹලම ඕක කර ගනිල්ලා අපි යනවා රට කියලා’, රට යනවා. 225 එපා, අපි පිටරට යන්නම් කියලා රට යනවා.
අද කොළඹ හැරුණහම ලොකුම නාගරික සිංහල ජනගහනය කොහේද ඉන්නේ? මහනුවරවත්, ගාල්ලෙවත් නෙමෙයි, ඕස්ටේ්රලියාවේ මෙල්බර්න් නගරේ. යාපනය හැරුණහම වැඩිම දෙමළ ජනගහනය කොහෙද ඉන්නේ නුවරඑළියෙද? නැහැ, කැනඩාවේ ටොරෙන්ටෝවල. මේක තමයි ලංකාවේ ඉරණම. මේ කි‍්‍රයාදාමය අපි ඉදිරියට ගෙන ගියොත් මේ රටේ තව අවුරුදු දහයකින් දැන උගත් කිසිම දරුවෙක් ඉතිරි වෙන්නේ නැහැ. මේක ඉන්න හිතෙන තැනක් නෙවෙන තත්ත්වයට පත් වෙනවා. මේක උඩට ගන්න අපේ ආර්ථිකය අපි බලවත් කර ගන්න ඕනේ. මහාපරිමාණ ව්‍යාපෘති එකකින්, දෙකකින්, තුනකින් හතරකින් ආර්ථිකය ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට පුළුවන් යැයි ඔහු පැවසීය.

popular news
-
ලංකාපුත්‍ර Wednesday, 26 June 2019 06:51 AM
ඔබතුමාත් විදුලිබල ඇමතිතුමාත් උගතුන්ට තැනක් දියයුතුයි කියනවා.නමුත් මෙරටේ තාමත් තියෙන්නේ වැඩවසම් යුගයේ තිබුනු ලෙසට වලව්කාරයින්ට.ධනවතුන්ට හා විශේසයෙන් මැරයන්ට කත්අදින තත්වයක්.වැඩවසම් යුගයේ තිබුනේ බැලමෙහෙවර කර ගෑම සොයාගත් තත්වයක්.(දැනුදු මෙයට සමානව දෙන සමෘද්ධිය එවැන්නක්) මෙම වැරදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස්කල අවස්ථාවන්හි නිවැරදි කල හැකිව තිබුනත් නොකල දෙයක්.මෙනිසා ඔබතුමන්ලාවත් එකතුවී ජනපති.අගමැති හා ඇමතිවරුන්ට අධ්‍යාපන සුදුසකම් අවශ්‍යබවට වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුල්කරන්න.පාර්ලිමේන්තුවට ඇතුල්වූ අධ්‍යාපන සුදුසුනම් නොමැති අයෙකුට මන්ත්‍රී කමේ අවුරුදු 20 ක් වත් නැත්නම් ඇමති තනතුරු නොදෙන්න.ඒවගේම නුසුදුස්සන්ට උසස් තැන් දෙන පළාත්සභා අහෝසි කරවන්න.
Reply : 0 0
shan Wednesday, 26 June 2019 11:09 AM
ඇමති තුමෝ මම මේක කියන්නද ඔබ තුමාට පුලුවන්ද මරණාන්තික උපවාසයක් හරි කරලා රජයෙන් ජනතාවට රැකියාවල් දෙනකොට උගත් සුදුසුකම් ලත් ජනතාවට ඒවා ලබා දෙන්න කියල නීතිය ගෙන්න පාප්ප බාල්දි ඇද්ද ගොට්ට අල්ලපු සක්කිලි වැඩ කරලා දුන්න කුඩ්ඩො කසිප්පු කාරයෝ පාහරයෝ පතයෝ වැනි උන්ගෙන් රටේ ආයතන පුරවන්නේ නැතිව වසර 15 හෝ 20 දහදුක් විදලා ඉගෙන ගෙන අන්තිම පොලිස් කාරයින්ගේ ගුටිකන්න උපාදි කරලා ලනකාවේ ඉන්නේ අසවල් මගුලකටද ? පාර්ලිමේන්තුවේ ඉන්න දෙසපලකයන්ගේ පස්ස හෝදන උන්ගේ අසුච් කන උන්ට රැකියා දෙනවනම් පුළුවන් නම් එක කරන්න එතකොට උගතුන් රට හැර යන එක විතරක් නතර වෙනවා නෙවේ දැන් රට ඉන්න අයත් ආපසු එවි
Reply : 0 0
shan Wednesday, 26 June 2019 11:11 AM

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.