මෙරට ඇමරිකානු නියෝජ්‍ය තානාපති මාටින් ඩි කේලි මහතා සහ ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක නුවරඑළිය දිස්ත්‍රික් ප.ම ආරමුගන් තොණ්ඩමන් මහතා අතර විශේෂ සකාච්ඡාවක් ඊයේ (01) දින පස්වරුවේ නුවරඑළිය ගොල්ෆ් ක්‍රිඩාංගණයේදි පැවැත්විණ.
රටේ පවතින වත්මන් දේශපාලන තත්ත්වය , ජනාධිපතිවරණය සහ වතුකරයේ ජනතාවට බලපාන ගැටලු සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර සාකච්ඡා පැවැත් වු බවයි ලංකා කම්කරු කොන්ග්‍රසයේ මාධ්‍ය අංශය පැවසුවේ.
මෙරට ඇමරිකානු තානාපති කාර්යාලයේ ආරාධනාවක් අනුව තොණ්ඩමන් මහතා එම සාකච්ඡාවට සහභාගි වු බවත්, පැයකට ආසන්න කාලයක් දෙපාර්ශවය අතර සාකච්ඡා පැවැත්වුණු බවයි ලංකා කම්කරු කොන්ග්‍රසයේ මාධ්‍ය අංශය කියා සිටියේ.
මෙම සාකච්ඡාවට මෙරට ඇමරිකානු තානාපති කාර්යාලයේ දේශපාලන අංශ නිලධාරී ජොන් එච් බිට්ගෙට් මහතා සහ ලංකා කම්කරු කොන්ග්‍රසයේ උපසභාපති සහ ඌව පළාත් සභා අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමන් , ලංකා කම්කරු කොන්ග්‍රසයේ උපසභාපති එස්.රාජ දොරෙයි මහතා ඇතුළු මෙරට ඇමරිකානු තනාධිපති කාර්යාලයේ නිලධාරින් රැසක් සහභාගි විය.
