මෙම වසරේ ගල්අඟුරු මිලදි ගැනිමේ ලාභය බිලියනයට වැඩියි - රවී
විදුලි නිෂ්පාදනය වෙනුවෙන් සිදු කරනු ලබන ගල් අඟුරු මිලදී ගැනීම් තුළින් පසුගිය වාරයේ (2018/2019) සිදුකල අවසන් මිලදී ගැනීම් වලට වඩා මෙවර (2019/2020) වෙනුවෙන් වන ටෙන්ඩරය තුළින් ගල් අඟුරු මෙට්‍රික් ටොන් එකක් වෙනුවෙන්, ඩොලර් 18.42 ක ලාභයක් හිමිකර ගැනීමට හැකිවූ" බව විදුලිබල. බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.
ගල් අඟුරු විදුලි නිෂ්පාදනය වෙනුවෙන් අවශ්‍ය අමුද්‍රව්‍ය මෙරටට ආනයනය කිරිමේදී සිදුවි ඇතැයි පවසන මූල්‍ය වංචාවන් සහ වෙනත් අක්‍රමිකතා පිළිබදව පසුගිය වකවානුව තුළදී අසන්නට ලැබුණ බවත්, ඒ අනුව මෙම කටයුත්ත රටේ විදුලි නිෂ්පාදනය වෙනුවෙන් සිදුකළ යුතු අත්‍යාවශ්‍ය කටයුත්තක් වන බැවින්, ජාතික ධනය අපතේ නොයන ආකාරයෙන්, පූර්ණ විනිවිදභාවයක් තුළින් සිදුකිරිමට තමා දැඩි තීරණයකට පැමිණි බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.
ඒ අනුව මෙම ගල් අගුරු ආනයනය කිරීමේ ක්‍රියා පටිපාටිය තමාගේ පූර්ණ අධීක්ෂණය සහ උපදෙස් මත සිදුවන බවත්, ඒ අනූව ගිය වාරයේ (2018/2019) පෙබරවාරි මස අවසාන ටෙන්ඩරයට වඩා 2019/08/16 වන දින පැවති ටෙන්ඩරය (2019/2020) මෙට්‍රික් ටොන් 1ක් සදහා ඩොලර් 18.42ක මිල අඩුවකට ලබාදීමට හැකියාව ලැබී ඇති බවත් අමාත්‍යවරයා පැවසිය.
ඒ අනූව 2019/2020 වාරයේ පළමු ටෙන්ඩරයෙන් පමණක් රුපියල් බිලියනයකට ආසන්න මුදලක් රටට ඉතිරි කිරිමට හැකියාව ලැබී ඇති අතර සුපුරුදු පරිදි 2019/2020 වාරය සඳහා සැප්තැම්බර් මාසයේ සිට ගල් අඟුරු ගෙන ඒම සදහා අවශ්‍ය සියලු කටයුතු සැලසුම් කර ඇති බවද වැඩිදුරටත් පැවසීය.

popular news
-
Nishantha Thursday, 29 August 2019 05:15 PM
Sir bandumkara alabe keeyada.
Reply : 0 0
ලංකාපුත්‍ර Thursday, 29 August 2019 05:50 PM
සූර්ය බලය ඇතිතරම් තිබෙන අප රටට එමගින් විදුලිය නිපදවිය හැකි වුනානම් ගල් අඟුරු වෙනුවෙන් විදේ්ශයන්ට ඇදීයන බිලියන/ ට්‍රිලියන ගණනේ මුදල් වෙනත් සංවර්ධනයකට යෙදිය හැකිනේද ඇමතිතුමා.කබීර් හසීම් ඇමතිතුමා නම් කියා තිබුනා 2022 දී ලංකාවේ ඛනිජ තෙල් ගන්නවා කියල එයත් පැවති රජයට කත් ඇද්ද ප්‍රවීන ජ්‍යොතිෂ වේදියෙක් ඔහුගේ සුරුගුරු සඟරාවේ 2011 ජූලි අගෝස්තු කලාපයේ 2011 නොවැම්බරයේදී ශ්‍රී ලංකාවෙන් ඛනිජ තෙල් ලැබේ යැයි කිව්වා වගේ අනාවැකියක් නොවේවා!!!
Reply : 0 0
Kumar Thursday, 29 August 2019 10:31 PM
සෑම ගල් අගුරක්ම එකවගෙන් නොවේ. ගල අගුරුවලින් ගත හැකි තාප බලයත් එහි අඩංගු ගෙන්දගන් සහ තාර වැනි අප ද්‍රව්‍ය අනුව මිල අඩුවෙනවා. ඉතින් මොන ගල් අගුරුද ලැබුනෙ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

