මුස්ලිම් සමාජය ස්වයං විවේචනයකට සූදානම් - කබීර්
පසුගිය කාලයේදී කටයුතු කළ ආකාරය සම්බන්ධව මුස්ලිම් සමාජය ස්වයං විවේචනයක් හා ආත්ම පරීක්ෂාවක් සිදුකිරීමට සූදානම් බව මහාමාර්ග, මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා අද (16දා) පැවසීය.
ශ්‍රී ලාංකියන් ලෙස සිංහල සංස්කෘතිය සමග කටයුතු කරන බවත්,මුස්ලිම් සමාජයට එම මහා සමාජයෙන් ඉවත්ව වාසය කළ නොහැකි බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
මුස්ලිම් සමාජය තුළ වැරදි තිබිය හැකි බවත්,එම වැරදි නිවැරදි කරගෙන ශ්‍රී ලාංකිකයන් ලෙස නැගීසිටීමට සූදානම් බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
ඒ අනුව ශ්‍රී ලාංකික මුස්ලිම් සමාජය තුළට බාහිරින් පැමිණ ඇති අරාබි නීති,සංස්කෘතිය හා මද්රසා පාසල් වෙනස් කිරීම සඳහා මුස්ලිම් විද්වතුන් සංවාදයක් ආරම්භ කර තිබෙන බවද ඒ මහතා පැවසීය.
මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන නායකයන් විසින් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ කැඳවා තිබූ ප්රවෘත්ති සාකච්ඡාවක් අමතමින් කබීර් හෂීම් මහතා මේ බව පවසා සිටියේය.

popular news
-
shiro Friday, 17 May 2019 09:22 AM
මොනා උනත් මෙ මනුස්සයට අපි ගරු කරනවා. විශ්වාසකල හැකි චරිතයක්. සියලු මුස්ලිම්වරුන් ආදර්ශයට ගතයුතු කෙනෙක්
Reply : 0 0
samantha indrajith Friday, 17 May 2019 10:29 AM
kisima chodanawak nathi apekamata huruwechcha sinhalayekwan muslim nayakathuma
Reply : 0 0
ranjith Tuesday, 21 May 2019 10:07 AM
මේ වගේ මහත්ම දේසපාලනේ කරන මුස්ලිම් එමෙතිවරුත් ඉන්නවා ජාතිවාදයක් නේ Sinhala මිනිස්සුත් වෙදිහරියක් චන්දෙ දෙනවා රිෂාර්ඩ් වගේ අන්තවාදීන්ට මේ නිවට අර්න්දුව බයෛ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

