මුස්ලිම් මන්ත්රීවරු ඇමති ධුර ලබා ගැනීම කල්යයි
මුස්ලිම් මන්ත්රීවරුන් ඇමති ධුර ලබා ගැනීම දින කීපයකින් කල්යන බවත් මේ සතියේදී ඇමති ධුර භාර නොගන්නා බවත් පාර්ලිමේන්තු මන්ත්රී ඒ.එච්.එම්. ෆවුසි මහතා පැවසීය.
බොහෝ විට ලබන සතියේදී ඔවුන් ඇමති ධුර ලබාගැනීමට ඉඩ තිබෙන බවද මන්ත්රීවරයා සඳහන් කළේය.
පාස්කු ඉරිදා ප්රහාරය සම්බන්ධයෙන් කිසිදු මුස්ලිම් මන්ත්රීවරයෙකු වැරදිකාරයෙකු වී නොමැති බැවින් ඔවුන්ට ඇමති ධුර භාර ගැනීමේදී ගැටලුවක් ඇති නොවන බවද ඒ මහතා ප්රකාශ කළේය.
මුස්ලිම් මන්ත්රීවරුන් සියලු දෙනා එක්ව සාකච්ඡාවක් පැවැත්වූ බවත්, එහිදී ඇමති ධුර යළි භාර ගැනීමට තීරණය කළ බවත් මන්ත්රීවරයා සඳහන් කර සිටියේය.
ඒ අනුව යළිත් ඇමති ධුර භාර ගැනීමට සූදානම් යැයි අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාට දැනුම් දුන් බවත්, ඉතා ඉක්මනින් ඇමති ධුර භාර ගන්නා ලෙස අගමැතිවරයාගේ ප්රතිචාරය වූ බවත් ඒ.එච්.එම්. ෆවුසි මහතා වැඩිදුරටත් පැවසීය.

popular news
-
Champa Tuesday, 16 July 2019 10:34 AM
සිංහලයන්ට මල බෙර වයන්න ලැස්ති වෙන්න කියපු මුස්ලිම් අන්තවාදී දේශපාලකයන්ට මහජන මුදලින් යැපෙන ඇමති තනතුරු දීමට සම්පූර්නයෙන්ම විරෝධය පල කරනවා. සිංහල බෞද්ධයන්ට ප්රජාතන්ත්රවාදී විදිහට තමන් කැමති ජනාධිපතිවරයෙක් පත් කරගන්න අයිතියක් නැති බවත් එහෙම කරන්න ආවොත් මුස්ලිම් ක්රමයට මරාගෙන මැරෙන ත්රස්තවාදීන් යොදවල සිංහල බෞද්ධයන් ඝාතනය කරනවා කියන කතාව තමයි කෙටියෙන් කිව්වේ සිංහල බෞද්ධයාට මල බෙර වයනවා කියල. මීට වඩා තවත් සාක්කි ඕනෙද මේ මුස්ලිම් දේශපාලකයෝ ත්රස්තවාදීන් කියලා ඔප්පු කරන්න? මේ අන්තවාදී මුස්ලිම් දේශපාලකයන් එක්ක හවුල් වෙන සියලු සිංහල දේශපාලකයන් හා දේශපාලන පක්ෂ ප්රතික්ෂේප කල යුතුයි. මොවුන්ට නැවත කිසිම ආණ්ඩුවකට එකතු වෙන්න ඉඩ නොදිය යුතුයි.
Reply : 8 31
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

