මුස්ලිම් ජාතිකයන් දහස් ගණනක් රිමාන්ඩ් කර නෑ -ජනපති
ජාතීන් වශයෙන් ගැටුම් ඇතිකරගත හොත් රට විනාශයට පත්වන අතර සියලුදෙනා සහෝදරත්වයෙන් හා අවබෝධයෙන් යුතු ව කටයුතු කරමින් රටේ සාමය ආරක්ෂා කර ගැනීමට කැපවිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
රට තුළ ඇතිව තිබෙන වත්මන් තත්ත්වය පිළිබඳව ද අවබෝධයෙන් සහ බුද්ධිමත්ව කටයුතු කරමින් ප්‍රශ්න විසඳාගැනීම ඉතා වැදගත් වන අතර, රට තුළ මතුව ඇති තත්ත්වය සාමකාමී ලෙස සමනය කර ගැනීමට රජයක් ලෙස ගත හැකි සෑම පියවරක් ම ගන්නා බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ මෙරට ඉස්ලාම් බැතිමතුන් වෙනුවෙන් අද (03දා) පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ පැවති ජාතික ඉෆ්තාර් උත්සවය අමතමිනි.
එකිනෙකා දෙස වෛරයෙන් සහ සැකයෙන් බැලීම සිදුවන තාක් රටේ ජාතික සමඟිය ගොඩනැඟිය නොහැකි බවද ජනපතිවරයා සඳහන් කළේය.
මුස්ලිම් ජාතිකයන් දහස් ගණනක් රිමාන්ඩ් භාරයේ රඳවාගෙන සිටින බවට ගෙන යන අසත්‍ය ප්‍රචාර පිළිබඳ අදහස් දැක් වූ ජනාධිපතිවරයා කියා සිටියේ ඒ පිළිබඳ වාර්තාවක් තමා මේ වන විට ගෙන්වා ගෙන තිබෙන බවත්, අප්‍රේල් 21 සිදුවීමෙන් පසුව අත්අඩංගුවට ගෙන වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා තවදුරටත් රඳවාගෙන සිටින මුස්ලිම් ජාතිකයන්ගේ සංඛ්‍යාව 559ක් පමණක් බවත් අදාළ විමර්ශන කටයුතුවලින් අනතුරුව ත්‍රස්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධ නොවන සියලු දෙනා කඩිනමින් නිදහස් කිරීමට උපදෙස් ලබා දී තිබෙන බවත් ජනපතිවරයා සඳහන් කළේය.

popular news
-
රජින්ද Monday, 03 June 2019 11:32 PM
ලැජ්ජයි රටක මහා ජාතියක් නියෝජනය කරන නායකයෙක් සුළු ජාතිකයින් ඉදිරියේ මෙහෙම ජන්ද වලට යදිනකොට.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

