මුල්ලේරියාව මීගහවත්ත නිවසකදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට හඳුනාගෙන තිබෙන ප්‍රධාන සැකකරු සම්බන්ධයෙන් සාර්ථක තොරතුරක් ලබා දෙන තැනැත්තෙකුට රුපියල් ලක්ෂ 25 ක ත්‍යාගයක් පිරිනමන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි
පොන්නම්පෙරුම ආරච්චිගේ දොන් ධනුෂ් බුද්ධික නොහොත් ජිලේ නැමැති පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු අවශ්‍ය කරන බව පොලිස් මූලස්ථානය කියයි
අත් දෙකේම උරහිසේ සිට වැලමිට දක්වා දක්වා පච්ච කොටා ඇති බවත් අංගොඩ හිඹුටාන මුල්ලේරියාව වැලිගම මිදිගම හික්කඩුව ගාල්ල ප්‍රදේශවල මූ නිරතුරුව ගැවසෙන ප්‍රදේශ බවත් පොලිසිය කියයි
අංක 42 /2 බාර උන් තිලකානන්ද මාවත මුල්ලේරියාව ,නව නගරය ,විවාහක බිරිඳගෙ ලිපිනය අංක 333සි රොබට් ගුණවර්ධන මාවත මාලබේ ,සහ අංක 252 උඩුමුල්ල මුල්ලේරියාව ඔහු ගේ ලිපිනයන් ය
මෙම පුද්ගලයා ගැන තොරතුරක් වෙතොත් කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ දුරකථන අංක 0718591727,සහ 0777370360 ,බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ 0718592279 දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස පොලිස් මූලස්ථානය වැඩිදුරටත් දන්වා සිටියි