මුලතිව් පුදුකුඩිඉරිප්පු දේවිපුරම් ප්රදේශයේ අතහැර දැමූ ළිඳක තිබී බෝම්බ සහ පතුරම් තොගයක් ඊයේ (06) දින ගොඩගත් බවට පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසයි.
දේවිපුරම් ප්රදේශයේ වැසියෙකු අතහැර දැමූ ළිඳක් පිරිසිදු කිරීමට ළඳ තුළට බැස ඇති අවස්ථාවේදී බෝම්බ ඇතුළු යුද උපකරණ දැක ඒ බව පොලීසියට දැනුම් දී ඇති අතර පසුව එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් හා බෝම්බ නිශ්ක්රීය අංශයන් විසින් අදාළ බෝම්බ තොගය ඉවතට ගෙන ඇත.
එහිදී ළිඳ තුළ තිබී අත්බෝම්බ දෙකක් , ආර්.පී.ජී. උණ්ඩයක්, බරඅවි සඳහා යොදාගන්නා පතුරම් ඇතුළු යකඩ කැබිලි රැසක්ද ඉතා අබලන් තත්ත්වයේ තිබී යතුරුපැදියක්ද හමු වී ඇත.
යුද සමයේදී කොටි සංවිධානය විසින් අදාළ යතුරුපැදිය සමඟ මෙම බෝම්බ තොගය ළිඳට දමා පළා යන්නට ඇති බවට පොලීසිය සැක පල කර සිටි අතර හමුවූ බෝම්බ අධිකරණ නියෝගයකින් විනාශ කර දැමීමට පියවර ගෙන ඇති බවට පරීක්ෂණ සිදු කරන පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩිදුරටත් පවසයි.
