මුලතිව් ගුරුකන්ද විහාරයට පැනවු අධිකරණ තීන්දුව බල රහිත කරයි
මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ පිහිටි කෝවිල වෙනුවෙන් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා දුන් තීන්දුව බලරහිත කරමින් අද (10) දින වවුනියාව මහාධිකරණ විනිසුරු ආර්.කන්නන් මහතා විසින් එම තීන්දුව තාවකාලිකව අත්හිටුවන ලදි.
පසුගිය මැයි මස 06 වනදා මුලතිව් මහේස්ත්‍රාත් එස්.ලෙනින්කුමාර් මහතා විසින් ලබා දුන් නියෝගය වූ මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ පිහිටි නීරාවි පිල්ලයාර් කොවිලේ කිසියම් සංවර්ධන කටයුත්තක් සිදු කිරිමට අවශ්‍යතාවයක් තිබෙන්නේ නම් එය රටේ පවත්නා නීතිරිති වලට අනුව සාමය කඩනොවන අයුරින් සිදු කරන ලෙසටත් යනුවෙනි.
පසුව අදාළ නියෝගය මගින් පන්සල් භූමියට දැඩි අසාධාරණයක් සිදු වන බවටත් පන්සල තුළ ඇත්තේ කෝවිලක් නොව දේවාලයක් පමණක් බැවින් ගුරුකන්ද විහාරයට සාධාරණයක් ඉල්ලා එම පාර්ශවය විසින් වවුනියාව මහාධිකරණයේදී පෙත්සමක් ගොනුකරන ලදි.
ඒ අනුව අද (10) දිනයේදී වවුනියාව මහාධිකරණයේදී නඩු අංක එච්.සී.වී. / ආර්.ඒ.වී./ 318/19 නඩුව විභාගයට ගත් වවුනියාව මහාධිකරණ විනිසුරු ආර්.කන්නන් මහතා විසින් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා දුන් තීන්දුව තාවකාලිකව අත්හිටුවමින් නියෝග කොට සිටියේ මහාධිකරණයේ නඩු තීන්දුව සම්පූර්ණයෙන්ම අවසන් වන තුරුම පන්සලේ හෝ කෝවිලේ කිසිදු පාර්ශවයකට කිසිදු අයුරකින් සංවර්ධන කටයුත්තක් සිදු කිරිමට නොහැකි බවටත් දැනට සංවර්ධනය කොට ඇති තත්ත්වයන් ඒ අයුරින්ම තැබිය යුතු වන අතර ඔනෑම පාර්ශවයකට සිය ආගමික වතාවත්වල නිරත වීමට හැකි බවටත්ය.
අනතුරුව නඩුව අගෝස්තු මස 26 වනදා දක්වා කල් දැමීමටද වවුනියාව මහාධිකරණ විනිසුරු ආර්.කන්නන් මහතා නියෝග කොට සිටියේය.
අද දින මහාධිකරණයේ පැවති නඩු වාරය වෙනුවෙන් පළමු පාර්ශවයේ වගඋත්තරකාර පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ රෝහන තල්පාවිල මහතා සහ එතුමන්ගේ උපදෙස් පරිදි ජනාධිපති නීතිඥ ශානක රණසිංහ, හරීන්ද්‍ර රාජපක්ෂ යන අයද දෙවන පාර්ශවයේ වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතිඥ ඇන්ටන් පුනිදනායගම් මහතා ඇතුලු පිරිසක්ද සහභාගී වී සිටියහ.

popular news
-
Champa Thursday, 11 July 2019 09:44 AM
ඒක තමයි අර ඉස්සෙල්ල දීපු තීන්දුව තනිකර පක්ෂග්රාහීයි.. පන්සලට මුකුත් සංවර්ධන වැඩ කරන්න බැහැ. හැබැයි කෝවිලට ඕනේ නම් පුළුවන්. කෝවිලක් ඇත්තෙත් නැහැ. ඔය දේවාලේ ඔතනින් කඩල දාල ඉවත් කරන්න ඕනේ. ගුරුකන්ද පන්සල දෙමලු අල්ල ගන්න යනවා නමුත් පන්සල වෙනුවෙන් එක සිංහල බෞද්ධ දේශපාලකයෙක් කතා කරන්නේ නැහැ ඒ මොකොද දෙමල චන්ද කැඩෙයි කියල. මම එකම දේ ආපහු ආපහු කියනව. මොන විදිහකටවත් දෙමල හෝ මුස්ලිම් දේශපාලකයෝ එක්ක එකතු වෙන සිංහල පක්ෂ වලට චන්දෙ දෙන්න එපා. ජනාධිපතිවරණෙදී වගේම මහා මැතිවරණයේදීත් එකම මතයේ ඉන්න ඕනේ. සිංහලයන්ව හතර අතේ බෙදපු දේශපාලකයන්ට දැන් දෙමල මුස්ලිම් ත්රස්තවාදීන් වුනත් කමක් නැහැ චන්දෙ තියෙනවනම්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

