මුලතිව් ගුරුකන්ද විහාරය රැක දෙන්නැයි ඉල්ලා විරෝධතාවක
මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ සිංහල නාම පුවරු ඉවත් කිරීම හා කෝවිලේ නාම පුවරු ඉතිරි කිරිමට එරෙහිව හා දේශපාලනික බලපෑම් වලට විරෝධය පාමින් විරෝධතාවක් ඊයේ (16) දින මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරය ඉදිරිපිට පැවත්වුණි.
ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ නාම පුවරු ඉවත් කොට නිරාවයඩි පුල්ලයාර් නමින් කෝවිලේ නාම පුවරුව පමණක් බුදු පිළිමය ඉදිරිපිට ඉතිරි කිරීම හා දේශපාලනඥයින්ගෙන් ගුරුකන්ද රජමහා විහාරයට එල්ල වන බලපෑම් වහාම නවත්වන්නැයි ඉල්ලමින් ඊයේ දින හෙලජන බලය විසින් සංවිධානය කොට විරෝධතාවක් සංවිධානය කොට තිබූ අතර ඒ සඳහා වැලිඔය ඇතුලු දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් බෞද්ධ බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වූහ.
විරෝධතාවය වෙනුවෙන් ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති හිමියන් සහ ජාතික හිමිකම් සංවිධානයේ සභාපති, දේශප්‍රේමි භික්ෂු පෙරමුණේ ලේකම් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන්ද සහභාගී විය.
එහිදී මාධ්‍යට අදහස් දක්වමින් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් කියා සිටියේ,
‘අද වනකොට මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරයට එදිනෙදා ආපු ගියපු දෙමළ ජනතාව එන එක නතර වෙලා ඒ අයගේ සහජීවනය නැති කරල ඒ හැම එකකටම වග කියන්න ඕන දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින්. ඒ අයට බයේ මේ දෙමළ සාමාන්‍ය මිනිස්සු පන්සලට එන්නෙත් නැහැ. ඒක ලොකු බරපතළ කාරණාවක්.
අනිත් එක තමයි මේ ගුරුකන්ද පුරාණ රජමහා විහාරය පෞරාණික උරුමයක් දළදා වහන්සේගේ ආගමනයේ පළමු සන්ධිස්ථානය ඒ බව පුරාවිද්‍යා සාධක මගින් සාක්ෂි තියෙනවා. ඒ වගේම අධිකරණයෙත් ඒ බව ඔප්පු වෙලා තියනවා. එහෙම තියෙන අවස්ථාවක පන්සලට මෙලෙසින් බලපෑම් එල්ල වන අවස්ථාවේදී බලධාරීන් බිහිරිව සිටීම අප කාගෙත් අවාසනාවක් වහාම සියලු දෙනා මේ අසාධාරණය වෙනුවෙන් එක් විය යුතුයි යනුවෙනි.



popular news
-
Champa Monday, 17 June 2019 06:39 PM
දැන් තියෙන්නේ කාලිංඝ මාඝ-2 යුගය. ඒකයි පන්සල් තිබුණු තැන්වල කෝවිල් අටවන්නේ. වහල් ලේකම් කාර්යාලය තමයි පන්සලේ නාම පුරවරුව ගැලවීම පිටිපැස්සේ ඉන්නේ, රටේ පාලකයන් විදිහට අබෞද්ධයන් පත් කර ගත්ත එකේ විපාක දැන් විඳිනවා. මේ පුරාණ පන්සල රැක ගැනීමට සියලු බෞද්ධයන් හඬක් නැගිය යුතුයි. නිහඬව හිටියොත් අද මුලතිව් ගුරු කන්ද විහාරේ. හෙට තවත් පන්සලක් වෙයි. මේ පන්සලේ ඉතිහාසය දළදා හාමුදුරුවෝ වැඩම කරපු කාලේ වෙනකම් ඈතට යනවා. ගුහසීව රජ්ජුරුවෝ දන්ත කුමාරය සහ හේමමාලා කුමරිය අතේ දළදා වහන්සේ ලංකාවට පිටත් කලේ ඒ කාලේ හිටපු මහාසේන රජ්ජුරුවන්ට බාර දෙන්න. නමුත් ඒ දෙන්න ලංකාවට එනකොට (ගොඩ බැස්සේ ලංකාපටුනට. දැන් දෙමල නමක්) මහාසේන රජ්ජුරුවෝ කාලක්රිය කරලා තිබුණු නිසා උතුරු නැගෙනහිර විවිධ පන්සල් වල සැඟවිලා ඉඳල තියෙනවා. පස්සේ තමයි කිත්සිරි මෙවන් රජ්ජුරුවෝ පෙරහරකින් අනුරාධපුරේට වැඩමවා ගෙන ගිහින් තියෙන්නේ .එහෙම දළදා හාමුදුරුවෝ වැඩ හිටපු එක තැනක් විදිහට මුලතිව් ගුරුකන්ද විහාරය සලකනවා. ගුරුකන්ද විහාරය රැක ගන්න ආපු බෙංගමුවේ නාලක හිමි ඇතුළු සියලු දෙනාට දළදා සමිඳු පිහිටයි. අද ලොකුම තර්ජනය තියෙන්නේ සම්බුද්ධ සාසනයට. සියලු බෞද්ධයෝ එකට්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

