මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරය රැක දෙන්නැයි ඉල්ලමින් උද්ඝෝෂණයක්
මුලතිව් නයාරු ගුරුකන්ද පුරාණ රජමහා විහාර පුද බිම දෙකඩ කිරීමේ උත්සාහයක් ඇති බවටත් විවිධ පාර්ශවයන්ගෙන් සිදු කෙරෙන බලපෑම් වහාම නවත්වන්නැයි ඉල්ලමින් අද (05) දින විහාරය ඉදිරිපිටදී වැසියන් පිරිසක් උද්ඝෝෂණයක නිරත වූහ.
වැලිඔය ඇතුළු ප්‍රදේශ කිහිපයක බෞද්ධ බැතිමතුන් පිරිසක් විසින් මෙම උද්ඝෝෂණය පැවැත්වූ අතර එයට ප්‍රදේශයේ බෞද්ධ භික්ෂූන් වහන්සේ පිරිසක්ද සහභාගී විය.
මුලතිව් ගුරුකන්ද රජමහා විහාරය ඇතුළු පුද බිම පුරාවිද්‍යා බිමක් හා පුරාණ විහාර ප්‍රදේශයක් වශයෙන් පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් වරයා විසින් මුලතිව් අධිකරණයේදීම කරුණු ඇතිව පෙන්වා දී ඇති අවස්ථාවක මේ වනවිට ගුරුකන්ද පුරාණ රජමහා විහාර භූමිය දෙකඩ කිරීමේ උත්සාහයක කිසියම් පිරිසක් නිරත වන බැවින් එය වහාම නතර කරන ලෙසට ඉල්ලා මෙම උද්ඝෝෂණය පැවැත්වූහ.
උද්ඝෝෂණයේ නිරත වූවන් වැඩිදුරටත් පැවසුවේ පසුගිය දින කිහිපය පුරාම ජනාධිපති ලේකම් කාර්යාලයේ යැයි කියාගත් පිරිසක්ද පැමිණ ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ පුද බිම දෙකඩ කොට එක් පැත්තක් පන්සල වශයෙන්ද අනෙක් පැත්ත කෝවිලක් වශයෙන් වෙන් කරන ලෙසට දැනුම් දුන් බවටත් ඊට අමතරව විවිධ දේශපාලන පිරිස් ඇතුළු පාර්ශවයන් විසින් ගුරුකන්ද පුරාණ රජමහා විහාර භූමිය වෙන් කිරීමට දැඩි උත්සාහයක නිරත වන බවටද පැවසූහ.
එමෙන්ම රටේ සෑම පන්සල් භූමියම විහාරයේ දේවාලයක් ඇති හෙයින් ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේද ඇත්තේ දේවාලයක් හැරෙන්නට කෝවිලක් නොවන බවටත් එය වරදවා වටහා ගැනීමෙන් මෙම ගැටලු ඇති වී තිබෙන හෙයින් මේ පිළිබඳව ජනාධිපතිතුමන් හා අගමැතිතුමන් අවධානය යොමු කොට ඉක්මන් විසඳුමක් ලබා දෙන ලෙසටද උද්ඝෝෂකයින් වැඩිදුරටත් ඉල්ලා සිටියහ.
popular news
-
Champa Wednesday, 05 June 2019 05:17 PM
මේ ගැන කලින් ලියල තියෙනවා කීප සැරයක්. මේ විරෝධයට ආපු හැමෝටම ස්තුතියි. මේ ගැන comment එකක් දැම්ම අර හිස්බුල්ල ගැන තිබ්බ ප්‍රවෘත්තියට. හැබැයි ඒකෙ ජනාධිපති ගැන ලියල තිබ්බ හින්දද කොහෙද මගේ comment එක කැපිල ගියා. පහුගිය දවසක බලහත්කාරෙන් කෝවිලට ඇවිල්ල බෝඩුත් දෙකක් ගහල ගියා. දැන් වහල් ලේකම් කාර්යලයම මේ පන්සල දෙකඩ කරන්න හදන්නේ රඝුවාන්ව සතුටු කරන්න. උතුර "බෞද්ධකරණීය" කරන එකට විරුද්ධ වෙන්න ඕනේ කියලා සුරේන් රඝුවාන් කියපු දවසට පස්සේ දවසේ තමයි දෙමල දේශපාලකයෝ සෙනගක් එක්කන් ඇවිත් පන්සලේ කෝවිලක් හදන්න හැදුවේ. ඊට පස්සේ මම දැක්ක පොලිස් ආරක්ෂාව දීල තියෙනව. දැන් ඒකත් නැතුව ඇති. උතුරු නැගෙනහිර පන්සල් වලට කරන හානිය දැක දැක දකුණේ බෞද්ධයෝ උඩ බලන් ඉන්නවා. උපවාස කරන්න ඕනේ මේවා නවත්තන්න. මේ හැම දෙයකින්ම කියන්නේ ඊළඟ ජනාධිපතිවරණය අපේ සිංහල බෞද්ධ රටේ ඇතිවීම හෝ නැතිවීම තීන්දු කරන ඉතාම තීරණාත්මක කඩඉමක් කියල. ඒ හින්ද බල ලෝභය වෙනුවෙන් සිංහල බෞද්ධයා හතර අතට බෙදන්න දේශපාලකයන්ට නැවත ඉඩ නොදී, ඊළඟ චන්දෙදි සියලු සිංහල බෞද්ධයන් පාට පක්ෂ භේදයක් නැතුව එක මිටට එකතු වෙලා එක සිංහල බෞද්ධ මිනිහෙක්ට චන්දෙ දෙන්න ඕනේ.
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

