මුරලි ගැන චිත්රපටයකට විජේ එක්වෙයි?
ශ්රී ලංකාවේ හිටපු සුපිරි පන්දුයවන ක්රීඩක මුත්තයියා මුරලිදරන් පිළිබඳව නිර්මාණය වන චිත්රපටයක රඟපෑමට ප්රසිද්ධ දකුණු ඉන්දීය නළු විජය සේතුපති එක්වීමට නියමිත බව වාර්තා වෙයි.
එම චිත්රපටයේදී මුරලිගේ චරිතය ඔහු රඟ දැක්වීමට නියමිතව තිබේ. ‘800’ ලෙස නම්කර ඇති මෙම චිත්රපටය හරහා මුරලිගේ ටෙස්ට් දිවියේ සුවිශේෂි කඩුලු කිහිපයක් පිළිබඳව අවධානය යොමුකිරිමට නියමිතව තිබේ.
දෙසැම්බර් මාසයේදී රූ ගත කිරීම් ආරම්භ කිරීමට නියමිතය. මෙම චිත්රපටයේ රූගත කිරීම් ශ්රී ලංකාව, එංගලන්තය, ඉන්දියාව හා ලෝකයේ තවත් රටවල් කිහිපයක සිදුවීමට නියමිතය.
ගල්ෆ් නිවුස් ඇසුරෙනි

popular news
-
sammani Tuesday, 23 July 2019 07:57 AM
great
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

