මුතුරාජවෙල වගරු බිමේ හෙක්ටයාර 5839.4646 ක ඉඩම් කොටස් ඔක්තෝබර් මස 07දා අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගෙන තිබේ.
1980 අංක 2 දරණ නාගරික සංවර්ධන ව්‍යාපෘති (විශේෂ විධිවිධාන) 2 වගන්තිය අනුව ජනාධිපතිවරයා ට පැවරී ඇති බලතල ප්‍රකාරව මුතුරාජවෙල වගුරු බිමට අයත් ඉඩම් කොටස් අනවසරයෙන් පිරවීම හා අල්ලාගැනීම වලකාලමින් මුතුරාජවෙල පරිසර සංවේදී කලාපය සංරක්ෂණය තිරසාර භාවිතය හා රැම්සා තෙත් බිමක් ලෙස සංවර්ධනය කිරීම සදහා අදාළ පවරා ගැනීම සිදු කරන බව පිටු 70 වකින් සමන්විත අති විශේෂ ගැසට් පත්‍රයේ සදහන් වෙයි.
ඒ අනුව මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හෙක්ටයාර 1926.6012ක්, කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හෙක්ටයාර 1974.6216ක්, වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හෙක්ටයාර 1424.7413ක්, වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හෙක්ටයාර 8.5932ක්, ජා-ඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ හෙක්ටයාර 504. 5932 මෙලෙස නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගෙන ඇත.
