මුඛ ආවරණ සඳහා උපරිම සිල්ලර මිලක්
කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් මෙරට වෙළඳපොලෙහි අලෙවි කිරීමට තිබූ මුඛ ආවරණ අධික මිල ගණන් යටතේ වෙළඳුන් විසින් අලෙවි කිරීම සම්බන්ද ලැබුනු වාර්තා සමග සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංය මුඛ ආවරණ සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව ඉවත දැමිය හැකි මුඛ ආවරණ -නොවියන ලද (ලූපය සහිත හෝ ගැට ගසන) රුපියල් 15 ක් වැනි මුදලකටද, ඉවත දැමිය හැකි ශල්‍ය මුඛ ආවරණ - නොවියන ලද (ලූපය සහිත හෝ ගැටගසන) රුපියල් 15 ක් වැනි මුදලකට සහ මුණ ආවරණ (එන් 95 වර්ගය - අංශු ශ්වසන පෙරණය) රුපියල් 150 ක් වැනි මුදලකට අලෙවියට මිල නියම කර තිබේ.
ඉහත මිල ගණන් අභිබවා මුඛ ආවරණ අලෙවි කරනු ලබන වෙළෙදුන්ට සහ තොග සඟවා තබා ගන්නා වූ වෙළෙදුන්ට නීතිය ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය පියවර ගන්නා බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කළේය.

-
Champa Wednesday, 29 January 2020 07:28 PM
මුඛ ආවරණය ඕනේ චීනෙට. ඒ මොකොද රෝගීන් විශාල සංඛ්‍යාවක් ඉන්න නිසා සහ පැතිරීම වේගවත් නිසා. සංචාරකයෝ එන ගුවන් තොටුපොළේ සේවකයන් සහ nCoV හැදිච්ච හෝ සැක කරන ලෙඩ්ඩු ඉන්න ඉස්පිරිතාලවල සේවකයන් ඇරුනහම ලංකාවේ අනිත් මිනිස්සු මුඛ ආවරණය පළඳින්නේ ඇයිද මම නම් දන්නේ නැහැ.
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

