අද (15දා) විවෘත කිරිමට නියමිත මීරිගම - කුරුණෑගල අධිවේගි මාර්ග කොටසේ ගමන් ගන්නා වාහන සඳහා අය කරන මිල ගණන් ප්රකාශයට පත්කර තිබේ.
මෙම මාර්ග කොටසේ ගමන් ගන්නා අයෙක්ට විනාඩි 25ක පමණ කාලයකින් මිරිගම සිට කුරුණැගල දක්වා ගමන් කිරීමට අවස්ථාව ලැබෙයි.
ප්රකාශයට පත්කර ඇති මිළ ගනන්
සැහැල්ලු වාහන සඳහා අන්තර් හුවමාරු දෙකක් අතර අවම මිල රුපියල් 100යි, මීරිගම සිට යග්ගපිටිය දක්වා රුපියල් 250ක මුදලක්,
දෙවැනි පංතිය රෝද හය අවම ගාස්තුව රුපියල් 150යි (අන්තර්හුවමාරු දෙකක් අතර) උපරිම ගාස්තුව රුපියල 350යි.
ඇක්සල් 3ට වැඩි වාහන සඳහා අවම ගාස්තුව රුපියල් 150යි, උපරිම ගාස්තුව රුපියල් 550යි.