මිලියන 300 ක ණය සහන පැකේජයට සංචාරක ක්ෂේත්රයේ නිරත වන ව්‍යාපාරිකයන්ද ඇතුළත් වන පරිදි අදාළ චක්‍ර ලේඛ සංශෝධන කෙරේ. කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා කැබිනට් මණ්ඩලයේ දී කළ ඉල්ලීමක් පරිදි මෙම පියවර ගෙන ඇත.
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නැවත නගා සිටුවීම සදහා රජය විසින් ලබා දෙන ණය සහන පැකේජයට අදාළව නිකුත් කර ඇති චක්‍ර ලේඛ මගින් සංචාරක ක්ෂේත්රයේ නිරත ව්‍යාපාරිකයන් ආවරණය නොවන බව ප්‍රසන්න රණතුංග ඇමතිවරයා කැබිනට් මණ්ඩලයට පෙන්වා දී ඇත.
චක්‍රලේඛ වල මෙය පැහැදිලිව සඳහන් නොවන නිසා බැංකු හා මූල්‍ය ආයතන සංචාරක ක්ෂේත්රයේ නිරත ව්‍යාපාරිකයන්ට එම ණය ලබා දීමට මැලිකමක් දක්වන බව ද ඇමතිවරයා කැබිනට් මණ්ඩලයට පෙන්වා දී තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරු මෙහි දී උපදෙස් දී ඇත්තේ එවැනි ගැටළුවක් ඇත්නම් ඊට අදාළ චක්‍ර ලේඛන වල උපදෙස් හා විධි විධාන සංශෝධනය කරන ලෙසයි.
ඒ අනුව මිලියන 300 ක ණය සහන පැකේජය සංචාරක ක්ෂේත්රයේ නිරත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ටද හිමි වන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි. පසුගිය දිනවල මෙම ක්ෂේත්රයට සම්බන්ධ ව්‍යාපාරිකයන් තමන්ගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම ඉල්ලීම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බව පෙන්වා දෙන රණතුංග මහතා සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට ගෙන ඒම සදහා මෙය ඉවහල් වන බවද පෙන්වා දෙයි.
