රුපියල් මිලියන 226ක වියදමින් නව ඇවිදින මංතීරු 4ක් සංවර්ධනය කිරීමට නාගරික සංවර්ධන අමාත්‍යාංශය විසින් තිරණය කර තිබේ.
ඒ අනුව රුපියල් මිලියන 55ක වියදමින් පේදුරුතුඩුව, රුපියල් මිලියන 65ක වියදමින් යාපනය වේල්ලාවේලි, රුපියල් මිලියන 60ක වියදමින් බණ්ඩාරවෙල, රුපියල් මිලයන 46ක වියදමින් ගම්පහ බෞද්ධාලෝක මාවතේ මෙම ඇවිදින මංතිරු ඉදිකිරීමට නියමිතය.
මෙම වියදම් සඳහා බදු උපදේශක ගාස්තු හා අනෙකුත් වියදම් ඇතුළත්ව නොමැති බව වාර්තා වෙයි. ගම්පහ බෞද්ධාලෝක මාවත දකුනු පස මංතීරුව පමණක් රුපියල් මිලියන 20ක වියදමින් සංවර්ධනය කිරීමට නියමිත අතර එම සංවර්ධන ව්‍යාපෘතිය භූ දර්ශන ව්‍යාපෘතියක් ලෙස මාර්ග දෙපස හා වටරවුම්ද ඇතුළත්ව සංවර්ධනය කිරීමට පසුව යෝජනා වී ඇති හෙයින් ඇස්තමේන්තු වියදම රුපියල් මිලියන 46ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.