මිල්කෝ සභාපති හමුවීමට නාමල් ඇතුළු පිරිසක් යයි
ජනබලය උද්ඝෝෂණයට වස මිශ්‍ර කිරි පැකට් ලබාදීමේ සත්‍ය අසත්‍යතාවය පිළිබඳව මිල්කෝ සමාගමේ සාමාන්‍යාධිකාරිවරයාගෙන් විමසීමට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් එම කාර්යාලයට ගියහ.
උද්ඝෝෂණය පැවැති දින මිල්කෝ සමාගමේ කිරි පැකට් පානය කිරීම නිසා පුද්ගලයන් 1000කට ආසන්න පිරිසක් රෝගාතුර වූ බවත්, මේ සම්බන්ධව ආයතනය ගෙන ඇති ක්‍රියා මාර්ග කවරේදැයි යන්න දැන ගැනීමට අවශ්‍ය බවත් එම මන්ත්‍රී පිරිස සාමාන්‍යාධිකාරීවරයාට කියා සිටියහ.
මෙම අවස්ථාවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් නාමල් රාජපක්ෂ, ඩී.වී.චානක, තාරක බාලසූරිය, කංචන විජේසේකර, ෂෙහාන් සේමසිංහ ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් එක්ව සිටියහ.
popular news
-
rocky Wednesday, 19 September 2018 06:45 PM
"බිවුව නේද මිල්කෝ සුදිය .. අනේ මගේ ඩලස් පනේ, කියන්නකෝ ඇත්ත අනේ .. බිවුව නේද මිල්කෝ සුදිය?"
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

