මිරිදිය ධීවරයින්ට විශ්‍රාම වැටුපක් - හැරිසන්
මිරිදිය ධීවරයන්ට විශ්‍රාම වැටුපක් හඳුන්වා දීමට කටයුතු කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා ප්‍රකාශ කළේය.
අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ පැවති මිරිදිය ධීවර හා ජලජීවි වගා තාක්ෂණික සමුළුව අමතමින් ඔහු මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ,
රටේ ප්‍රෝටීන අවශ්‍යතාවයෙන් කොටසක් සපුරාලන්නේ මේ ධීවර ජනතාව. අද ධීවර කර්මාන්තයේ පූර්ණකාලීනව ධීවරයන් යෙදී සිටිනවා. එදා එහෙම නෑ. තමන්ම මාළු ඇල්ලුවා, ආහාරයට ගත්තා. නමුත් වැවක්, ජලාශයක් කේන්ද්‍ර කරගනිමින් ධීවර සමිතියක්, ධීවර සාමාජිකයින් පිරිසක් අද ජීවිකාව සරිකර ගන්නවා. ඒ හේතුවෙන් මිරිදිය මත්ස්‍ය වගාව අපි ක්‍රමවත්ව ආරම්භ කරන්න ඕනෑ. මාළු අල්ලලාම මදි. මාළු වගා කරලා අල්ලන්න ඕනෑ. ඒ නිසා මම පුරන් වූ ඉඩම් හා වගා කළ නොහැකි භූමි හඳුනාගෙන පොකුණු ඉදිකර ජලජීවි වගාව ආරම්භ කරන්න කියලා ජලජීවි දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දුන්නා.
මේ වසරේ ලංකාව පුරා වැව් 700ක් පමණ ප්‍රතිසංස්කරණය කරනවා. ඒ වැව් සඳහා මාළු පැටවු දාන්න අපි සැලසුම් කරලා තියෙන්නේ. ඒ වගේම වැව් බොහොමයක් ගොඩ වෙලා. ධීවර කර්මාන්තයට එය ගැටලුවක්. ඒ ගැටලුවටත් අපි පිළියමක් හොයනවා.
ඇතැම් විට වාරිමාර්ග නීතිරීතිත් ධීවර කර්මාන්තයට බලපාලා තියෙනවා. මම වාරිමාර්ග අමාත්‍යවරයා ලෙසත් කටයුතු කරන නිසා, එම ගැටලු නිරාකරණය කර දෙන්න මම කටයුතු කරනවා.
කරදිය ධීවරයන් මෙන්ම මිරිදිය ධීවරයන් ද රක්ෂණය කළ යුතුයි. මම ඒ සඳහා කෘෂි රක්ෂණ මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කළා. අපි මේ වසරේ මිරිදිය ධීවරයන්ව රක්ෂණය කරනවා. දළ දේශීය නිෂ්පාදනයට දායක වෙමින් මේ ධීවරයන් කැප වුණත්, වයසට ගියාම ඉතුරු වෙන්නේ ඔරුවයි, දිරාගිය කොල්ලෑවයි විතරයි. මම මේ ධීවරයන්ටත් විශ්‍රාම වැටුපක් යෝජනා කරන්නේ ඒ හින්දා.
බංගලාදේශය, තායිලන්තය වැනි රටවල නිවස තුළම මාළු වගා කරන තාක්ෂණයක් ඔවුන් ළඟ තියෙනවා. මම ධීවර දෙපාර්තමේන්තුවට කිව්වා, අපේ රටේ ධීවරයින්, ධීවර සමිතිවල නිලධාරීන් මේ රටවල තාක්ෂණික දැනුම බෙදා ගන්න විදේශීය ශිෂ්‍යත්ව ධීවරයන්ටත් ලබා දෙන්න අවශ්‍යයි කියලා. අපි බලාපොරොත්තු වෙනවා ධීවරයන් බංගලාදේශයට, තායිලන්තයට යවන්න මේ තාක්ෂණය ඉගෙන ගන්න යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
කෂිනි හපුආරච්චි

popular news
-
Champa Tuesday, 16 July 2019 04:51 AM
මන්ත්‍රී විශ්‍රාම වැටුප වහාම කපා හරින්න ඕනේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

