මියන්මාරයේ නව ශ්‍රී ලංකා තානාපති නන්දිමිත්ර
මියන්මාරයේ නව ශ්‍රී ලංකා තානාපති ලෙස හිටපු කැබිනට් අමාත්‍ය නන්දිමිත්ර ඒකනායක මහතා පසුගියදා එම තානාපති කාර්යාලයේදී රාජකාරි කටයුතු භාර ගත්තේය.
වැඩ බාර ගැනීමෙන් අනතුරුව තානාපති නන්දිමිත්ර ඒකනායක මහතා තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය අමතමින් කියා සිටියේ ශ්‍රී ලංකාව හා මියන්මාරය අතර සබඳතාව සියවස් ගණනාවකට පෙර තිබූ බවත්, එම සම්බන්ධතාවය තවදුරටත් පවත්වාගෙන යෑමට සහ වර්ධනය කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බවත්ය.
නව තානාපතිවරයාට ආශීර්වාද කිරීම සඳහා මහා සංඝරත්නය වැඩම කළ සිටි අතර, මෙම අවස්ථාවට මධ්‍යම පළාත් සභා මන්ත්‍රී චින්තන ඒකනායක මහතාද සහභාවී සිටියහ.
රත්තොට - රුවන් ධනංජය

popular news
-
Champa Sunday, 26 August 2018 04:38 PM
විදේශ තානාපති සේවයට ඉර බැහැල ගිය දේශපාලකයන්, ජනාධිපති අගමැතිට විසිල් ගහපු මිනිස්සු, බල්ටි ගහල පෙන්නපු මිනිස්සු, දේශපාලන හෙන්ච්චයියන්, කේවට්ටයන්, තමන්ට ප්රශස්ති ගායන කළවුන්, දේශපාලකයන්ට සේවය කල නිලධාරීන්, නෑදෑයන්, යාළුවන්, පවුලේ අය, හිතවතුන්, පැරදිච්ච මිනිස්සු, ගමේ මිනිස්සු සහ මෙකී නොකී jokers ලා යැවීම නතර කරන්න ඕනේ. විදේශ සේවය කියන්නේ විවෘත තරඟ විභාගයක් තියල මිනිස්සු තෝරන රජයේ සේවයක්. ඒකේ තනතුරු වලට පිටින් මිනිස්සු දාන එක වැරදියි. ගිය ආණ්ඩුවේ වැරදි කියා කියා ඇවිලා මේ ආණ්ඩුවත් කරන්නේ ඒකමයි. දෙගොල්ලොම එකයි මේවට.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

