මිනීමැරීමේ චෝදනාවට පොලිස් සැරයන්වරයෙකු නීතිපති උපදෙස් මත අත්අඩංගුවට
දණ්ඩ නීති සංග්‍රහයේ (296 ) චෝදනාව යටතේ මිනී මැරීමේ චෝදනාව මත පිටබැද්දර පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කල පොලිස් සැරයන්වරයකු නීතිපතිවරයාගේ උපදෙස් මත ඊයේ (23) අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු මොරවක මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන පෙබරවාරි මස තුන්වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මොරවක මහේස්ත්‍රාත් ශෂිකා මිතුනාරච්චි මෙනවිය ඊයේ කළාය.
එක්දහස් නවසිය අනු නමයේ මැයි මස විසි පස්වන දින හෝ ඊට ආසන්න දිනයකදී දැරංගල ප්‍රදේශයේදී කග්ගොඩ තන්ත්‍රිගේ අජිත් ප්‍රියදර්ශන නමැති පුද්ගලයා ඝාතනය කිරීමේ චෝදනාව යටතේ සැකකාර සැරයන්වරයා නීතිපතිගේ නියෝග අනුව අත්අඩංගුවට ගැනීමට මොරවක පොලීසියට කටයුතු කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
කඹුරුපිටිය ප්‍රදේශයේ වැවක පාවෙමින් තිබු මළ සිරුරක් සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණ ඔස්සේ ඊට අදාළව මොරවක පොලීසිය අපරාධ පරීක්ෂණ අංශය මගින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
අත්අඩංගුවට පත් සැකකාර පොලිස් සැරයන්වරයා එළඹෙන පෙබරවාරි මස තුන්වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මොරවක මහේස්ත්‍රාත් ශෂිකා මිතුනාරච්චි මෙනවිය ඊයේ නියෝග කර තිබේ.

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

