මිතුරා බිල්ලට දුන් 16ක් අත්අඩංගුවට
කණ්ඩලම වැවේ දිය නෑමට ගිය තරුණයකු ඊයේ (28දා) දියේ ගිලී මිය යෑමෙන් පසු ඔහු සමග වැවේ දිය නෑමට ගිය තරුණයන් 16 දෙනෙකු සැක පිට දඹුල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මොවුන් වැවේ මත්පැන් පානය කරමින් සිට ඇති අතර, අත්අඩංගුවට ගත් තරුණයන් විසින් බීමතින් සිටි සිය මිතුරා වැවට දමා ඇති බව පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ මහරබ, ගොඩේවත්ත, උණවටුන ප්‍රදේශයේ පදිංචිව සිටි කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කළ වේරගොඩ කපුගේ ඉසුරු රන්දික නමැති 21 හැවිරිදි තරුණයෙකි.
මෙම සිද්ධිය වාර්තා නොකරන්නැයි පවසමින් මෙම තරුණයන් මාධ්‍යවේදීන්ට ඔවුහු පහර දෙන්නටද පටන්ගෙන තිබේ. එමෙන්ම මෙම තරුණයන් පිරිස රෝහලේ සේවකයන් සමගද ගැටුමක් ඇති කරගැනීමට උත්සාහ කර ඇති අතර, පොලීසිය මැදිහත්වී එය විසඳා තිබේ.
කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරන සේවකයන් දාහත්දෙනෙකු බස්රථයකින් කණ්ඩලම ප්‍රදේශයේ විනෝද චාරිකාවක් සඳහා පැමිණ කණ්ඩලම වැවේ මත්පැන් පානය කිරීමට තහනම් සහ දිය නෑමට තහනම් බවට අනතුරු ඇඟවීම් සවිකොට ඇති ස්ථානයක අධික ලෙස මත්පැන් පානය කරමින් දිය නෑමට යෑමෙන් මෙම සිද්ධිය සිදුවී ඇති බව පොලීසිය පවසයි.
එස්. කරුණාරත්න

popular news
-
ds Sunday, 29 July 2018 01:14 PM
මේ ප්‍රාදේශීය සබා මන්ත්‍රීවරයා ගැන මටනම් බරපතල සැකයක් තිබෙනවා. මේ පුද්ගලයා මිය ගියේ ඔවුන් සමග ඇතිවූ ගැටුමකින් පසුද කියා හිතනවා. මන්ත්‍රීවරයා පවතින රජයේ සහ ඒ ප්‍රදේශයේම අයෙකු නිසාත් ඔහුත් මිතුරන් කිහිපදෙනෙකු සමග මෙතන සිටියදී මේ සියල්ල නිහඩව බලා සිටියා කියන දේ විශ්වාස කල නොහැක. පිටතින් පැමිණි පිරිස සමග ඇතිවූ ගැටුමකින් පසු මේ තරුණයා මන්තිරිවරයාගේ සහචරයින් විසින් උස්සා ගගට දැමීමෙන් මිය ගිය බව මා තරයේ විශ්වාස කරමි. වැරදි තැනක මත්පැන් බීම කියන කාරණය මතුකර දක්වන්නට මෙතරම් චායාරුප රැසක් මේ පුවත සමග පල කිරීම ඒ සැකය තවත් ඉහල නංවයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
