පුත්තලම නගරයේ අපජලය බැහැර කරනු ලබන මැලේරියා ඇළ තුළ තිබි මැගසින් තුනක් හා පතොරම් 30ක් අද ( 25 ) දින දහවල් හමුවි ඇති බව පුත්තලම මුලස්ථාන පොලීසිය පවසයි.
මෙසේ හමුවු මැගසින් ටි 56 ගිනිඅවි වලට යොදන ඒවා බව පොලීසිය පවසයි .
එසේම හමුවු පතොරම් 30ක ප්රමාණයද ටි 56 ගිනිඅවි සදහා යොදන එවා බව ද පවසයි.
පුත්තලම නගර සභාවේ සේවකයින් විසින් මැලේරියා ඇළේ පිරිසිදු කිරිම් වල නිරතව සිටියදී හමුවු බවත් මෙයට පෙර පසුගිය මැයි 4 දින ද මෙම ඇළේ තිබි ටි 56 ගිනිඅවියක් හා තවත් පතොරම් තොගයක් හමුව තිබුනී.
කිසියම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් මෙම ගිනිඅවි හා පතොරම් ඇළට ගෙන දමන්නට ඇති බවට පොලීසිය සැක කරයි .
පුත්තලම මුලස්ථාන පොලීසිය වැඩිදුර විමර්ශන අරඹා තිබේ .
පුත්තලම - හිරාන් ප්රියංකර
