මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල ආරාධනාවෙන් ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීමට මේ වන විට විදේශීය නිරීක්ෂකයින් එකසිය පනස් තුනක් (153) පැමිණ සිටින බව මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
ආසියානු මැතිවරණ ජාලය නියෝජනය කරමින් නිරීක්ෂකයින් හතළිස් පහක් (45) හා යුරෝපා හවුල නියෝජනය කරමින් නිරීක්ෂකයින් අසූ අටක් සහ පොදුරාජ්‍ය මණ්ඩලය නියෝජනය කරමින් නිරීක්ෂකයින් විස්සක් (20) මේ වන විට ලංකාවට පැමිණ තිබෙන බවද එම සංවිධානය පෙන්වා දෙයි.
මීට අමතරව මැතිවරණය පැවැත්වෙන දිනයේදී පැෆරල් සංවිධානය විසින් නිරීක්ෂකයින් පන්දහසක් (5000) හා මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය මගින් නිරීක්ෂකයින් හාරදහසක් (4000) යෙදවීමට නියමිතය.
